(ඩයනා උදයංගනී)
දුගී ජනතාවගේ මොර ගැසීම නොසලකා නොහරින ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූහ.
දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය නිසා පීඩා විඳිමින් සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ සංවේගී හදවත් සමඟ තමන්ද එක් වන බව පාප් වහන්සේ පැවසූහ.
එලෙසම තමන් සියල ශ්‍රී ලාංකික රදගුරුතුමන්ලා හා එක්ව ශ්‍රී ලංකාවේ සාමය උදෙසා කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කීහ.
පාප් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා චතුරශ්‍රයේ ඊයේ (10) පැවති දහවල් තුන් කාලයේ ආරාධනාව යැදුම අවස්ථාවේ දී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාඩිනල්ටම කියන්න