IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකාව - ඉන්දුනීසියාව එක්ව වෙළෙඳ වාසියක් ගන්න යයි

(අංජුල මහික වීරරත්න)

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන එක්සත් රාජධානියේ වෙළෙඳ යෝජනා ක්‍රමයෙහි ඇතුළත් '' අන්තර් කලාපීය සමුච්චයනය " යටතේ වන පහසුකම් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව විසින් ඒකාබද්ධව අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එක්සත් රාජධානිය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසුව, යුරෝපා සංගමයේ පොදු වරණීය ක්‍රමය යටතේ ප්‍රදානය කරන ලද වෙළෙඳ වරණයන් පවත්වා ගෙන යාම පිණිස සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ යෝජනා ක්‍රමය 2023 ජුනි මස සිට ක්‍රියාත්මක කරනු ලබන බව රජය පවසයි.

 ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ පොදු වරණීය ක්‍රමයේ ප්‍රතිලාභියකු වන බැවින් එක්සත් රාජධානියේ වෙළෙඳ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභියකු බවට ස්වයංක්‍රීයවම පත්ව ඇත. 

එම යෝජනා ක්‍රමය යටතේ වන නිර්ණායක පරිදි අදාළ වරණීය ක්‍රමයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ ඇඟළුම නිෂ්පාදන සඳහා ලබා ගැනීමට නම් දේශීයව ගොතන ලද හෝ වියන ලද රෙදි අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගෙන නිමි ඇඳුම් නිෂ්පාදනය කළ යුතුව ඇතැයි රජය පවසයි.

 එහෙත්, දේශීයව ගොතන ලද හෝ වියන ලද රෙදි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එක්සත් රාජධානියේ වෙළෙඳ යෝජනා ක්‍රමයේ වරණීය ප්‍රතිලාභ ප්‍රශස්ථ ලෙස ලබා ගැනීමට මෙරට ඇඟළුම නිෂ්පාදකයින්ට නොහැකි වී තිබේ. 

එසේ වුව ද, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ යෝජනා ක්‍රමයේ නිර්ණායක අනුව, වරණීය ප්‍රතිලාභ හිමි එක් කලාපීය කණ්ඩායමක රටක නිපදවනු ලබන යෙදවුම් / ද්‍රව්‍ය එවැනිම වරණීය ප්‍රතිලාභ හිමි තවත් කලාපීය කණ්ඩායමක රටක් විසින් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනයකට අන්තර්ගත කළ විට ඒවා එකී අවසන් නිෂ්පාදනය කරනු ලබන රටෙහි නිමි ද්‍රව්‍යයක් ලෙස සලකනු ලැබීම සඳහා විධි විධාන ඇතුළත් වේ. 

එමඟින් අදාළ දෙරටෙහිම අපනයන කරුවන්ට ප්‍රතිලාභ හිමි කර ගැනීමට හැකියාව පවතී. 

ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව ඒකාබද්ධව අන්තර් කලාපීය සමුච්චනය පිළිබඳ විධි විධාන යොදා ගනිමින් එක් අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇඟළුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදි/අමුද්‍රව්‍ය ඉන්දුනීසියාවෙන් ලබා ගැනීමත්, ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් එක්සත් රාජධානියට අපනයනය කිරීමත් මඟින් වරණීය ප්‍රතිලාභ රටවල් දෙකටම අත් කර ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ලංකාව - ඉන්දුනීසියාව එක්ව වෙළෙඳ වාසියක් ගන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site