(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ලෝකය අපේක්ෂා කරන ගෝලීය පුරවැසියෙක් නිර්මාණය කිරීමේ අභියෝගය ජයගන්නා බව මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රුවන් විජේවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල්තැබීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් රුවන් විජේවීර මහතා මේ බව කීය.
"2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අධ්‍යාපනයේ සුවිශේෂී ප්‍රතිසංස්කරණ පිළිබඳව අද විවාදය පැවැත්වෙනවා.
දශක ගණනකින් පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නොකිරීම නිසා දරුවන්ට නවීන අධ්‍යාපනය අහිමි වී තිබෙනවා.සමාජයේ වර්ධනයක් මෙන්ම පරිවර්තනයක් අපේක්ෂා කරනවා නම් ඒ සඳහා හොඳම මෙවලම වන්නේ අධ්‍යාපනය බව අධ්‍යාපනඥ ජෝන් ලූවී පවසා තිබෙනවා.
සමාජය වඩා හොඳ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණය කළ යුත්තේ අධ්‍යාපනයෙන්. කාලයක් තිස්සේ අප රටේ අධ්‍යාපන පද්ධතියේ සමස්ත ප්‍රතිසංස්කරණයක් කර නැහැ.ගෝලීය තත්වයන් වෙනස් වුවත් ඊට සමපාතව අධ්‍යාපනය වෙනස්වී නැහැ.
ඒ නිසා අධ්‍යාපනයේ බරපතළ වෙනසක් විය යුතුයි.අධ්‍යාපන ක්‍රමය මෙන්ම විෂය මාලාව පිළිබඳව බරපතළ අර්බුදයක් තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලෝකය ඉල්ලන ගෝලීය පුරවැසියා හදනවා
යෝගා Thursday, 24 July 2025 03:08 PM
තමන් උපන්න, ජීවත්වන රටේ ඉතිහාසය නොදන්න ආතක් පාතක් නැති අයෙකුට ගෝලීය පුරවැසියෙක් වෙන්න කවදාවත් බෑ. සමාජයට වෛර කරන කුහක ජෙප්පෙක් නම් වෙන්න පුළුවන්.
sene Thursday, 24 July 2025 03:19 PM
බොරු කයිවාරු ගහමින් ද ?
ගුණරත්න Thursday, 24 July 2025 08:05 PM
මේ කතාවේ තේරුම මොකක්ද? ලෝකය ඉල්ලන ගෝලීය? ඔය රෙද්දක් නොවේ පොඩිවුන් පරීක්ෂණාගාර මීයන් නොකර ඔවුන්ට අදාළ විදියට උගන්වන්න... එච්චරයි.