(නිමන්ති රණසිංහ)
“ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමට ඔබ ගත් ප්‍රයත්නය මා ඉතාමත් අගය කොට සලකමි” යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රන්පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත මහතාට සුභ පතමින් සිය ට්විටර් ගිණුමේ පණිවුඩක් තබා ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමුවරට ‘පැරාලිම්පික්’ රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්ත මහතාට සුභ පතමින් ජනාධිපතිවරයා අද (30) පෙරවරුවේ සිය ට්විටර් ගිණුමේ එසේ සටහනක් තබා තිබේ.
එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඔවුන්ගේ ට්විටර් පණිවුඩයක් මඟින් දිනේෂ් ප්‍රියන්ත මහතාට සිය සුබපැතුම් එක් කිරීමට කටයුතු කර තිබුණි.
මෙරට ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් හෙල්ල විසිකිරීමේ තරගයෙන් පළමු පැරාලිම්පික් රන් පදක්කම හිමිකර ගැනීමට ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා “2020 ටෝකියෝ පැරාලිම්පික් උලෙළේදී” අද (30) සමත් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය තරගකරු තියාගෙන දේශපාලකයෝ නොයෙක් දේ කරාවි...!
ලක්මව ලෝකෙන්ම ණයබරින් මිරිකී සිටින අංක 01 රට බවට පත්කළ අපේ අසාර්ථක පාලකයින්ට දෙන්න පදක්කම් නැහැ...!
ලෝක වාර්තාවකට හිමිකම් කියපු ඔබතුමාට මගේ හෘදයංගම සුබ පැතුම් පුදකරමි.
නුවන්, ඉඳුනිල් මේ අවස්ථාවේ එළෙව්වොත් මෙලොවටත් නැති කතා කියන්න එපා... ලෝක වාර්තාවක් තබපු මෙතුමාට මෙතුමාට සුබ පතන්න...
ජනපතිදුනි අපේ විරුවට උසස්වීමක් ලබාදෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
අගාධය කරා රටවල් මෙහෙය වීමේ ඔලිම්පික් තරගයේ නව ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට මේ ළඟ රන් පදක්කම
නාමල් පුතා ජනාධිපති පුටුවට ඡන්දේ ඉල්ලනකන් ඕක කියවාවි.
ඔබතුමාගේ වාසනාව තමයි ඉතින්... ඔබතුමාට දිවි ඇති තෙක් මේ රට පාලනය කරන්න වරම් හිමිවේවා...!!!