IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ලොක්ඩවුන් ගම්මාන නිරීක්ෂණයට යුද හමුදාවෙන් ඩ්‍රෝන කැමරාවක්

ඉන්දිකා රාමනායක

කොරෝනා වයිරසය  පැතීරිම වැළැක්වීම වෙනුවෙන් හුදකලා කර ඇති ප‍්‍රදේශ වල කි‍්‍රයාකාරකම් නිරීක්ෂණය කිරීමේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යුද හමුදාව වෙත ඩ්‍රෝන කැමරාවක් සහ උපකරණ කට්ටලයක්  කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ආරක්ෂික මාණ්ඩලික ප‍්‍රධානි  මෙන්ම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්දු සිල්වා ප‍්‍රදානය කළ බව යුද හමුදාව පවසයි.

එමෙන්ම රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ යුද හමුදාව ඉටුකරන ලබන විශිෂ්ට කාර්යභාරය වෙනුවෙන් සිය කෘතඥතාවය පිරිනමමින්  අමාත්‍යවරයා  මෙම උපකරණ  ප‍්‍රදානය කර ඇති අතර  යුද හමුදාව විසින් ඉදිරියේදී සිදු කිරිමට නියමිත සමාජ සත්කාරයන් වෙනුවෙන් සිය සහයෝගය ලබාදෙන බවට  අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළ බවද යුද හමුදාව පවසයි.

පරිත්‍යාග කරන ඩ්‍රෝන කැමරා උපකරණ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සහ අනාගතයේදී ගුවන් නිරීක්ෂණ ඒකකයක් ලෙස භාවිතා කිරීමට ද යුද හමුදාපතිවරයා අපේක්ෂා  කරයි.



අදහස් (3)

ලොක්ඩවුන් ගම්මාන නිරීක්ෂණයට යුද හමුදාවෙන් ඩ්‍රෝන කැමරාවක්

Indhika Thursday, 16 April 2020 08:54 AM

යකෝ ඔහොම විහිලු කරන්න එපා මේ වෙලාවේ. දීල තියෙන්නේ සෙල්ලම් බඩුවක් නේද? මිලිටරි ලෙවෙල් ඩ්‍රෝන ඉතින් කොහෙන් ගන්නද නේද?

:       1       52

sabee Thursday, 16 April 2020 10:40 AM

මෝඩ චුන් දන්නා එපා... ඔය වගේ පොඩි දේවල් එකේ නැද්ද? කාලය නාස්ති කරන්න එපා.

:       0       0

ලුම්බිණි Thursday, 16 April 2020 10:58 AM

ලොක්ඩවුන් නැති ගම්මාන වලට පස්සේ කාලේ ඕව ආවම වීරවංශට හිතේවි මොකද්ද මේ කර ගත්තේ කියල...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site