(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකික ජාතිකයන් සිවු දෙනකු නේපාලයට ගෙන්වා ගෙන ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයන් සිවු දෙනකු අත් අඩංගුවට ගත් බවත් ඔවුන් ප්‍රාණ ඇපයට ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් සිවු දෙනාද ආරක්ෂිතව මුදාගත් බවත් නේපාල පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි සුබේර් අම්සාද්, 42 හැවිරිදි ෂා ජෙහාන් ටන්බීර්, 61 හැවිරිදි මලික් අබ්දුල් හමිඩ්, 44 හැවිරිදි අරීෆ් මසීහා යන පකිස්තාන ජාතිකයන් බව පොලිසිය කියයි.
කැනඩාවේ, රෝමනියාවේ සහ ග්‍රීසියේ රැකියා දෙන බව පවසමින් මෙම ශ්‍රී ලාංකිකයන් නේපාලයට ගේනවා ගෙන හෝටලයක රඳවා ගෙන සිට ඇති බවත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර පාකිස්තාන ජාතිකයන් ලබා ගෙන ඇති බවත් නේපාල පොලිසිය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයන් සිවු දෙනාට ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල් සමග සම්බන්ධ වීමට ඉඩ ලබා නොදෙමින්, තර්ජනය කර වද හිංසා පමුණුවමින් පකිස්තානුවන් සිව් දෙනා ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ දරා ඇතැයි නේපාල පොලිසිය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකිකයන් 4ක් නේපාලයට ගෙන්වා හෝටලයක හිර කරලා
chandima Monday, 08 April 2024 10:40 PM
දැන් ලංකාවේ මිනිස්සුන්ටද, පාකිස්තානයේ මිනිස්සුන්ටද දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙන්නේ?