
(නිමල කොඩිතුවක්කු)
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරයාට සහ එහි සිදු කරන බව කියන අසාධාරණ සම්මුඛ පරීක්ෂණ වහා නවතන ලෙස ඉල්ලමින් එහි නිලධාරීහු පිරිසක් කාර්යාංශයේ වහලය මතට නැග අද විරෝධතාවක නිරත වූහ.
භූ විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති දර්ශන අබේසිංහ මහතා ඇතුළු එහි නියෝජිතයෝ පිරිසක් කාර්යාංශයේ සිව් වන මහලේ වහලය මතට නැග විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පැය හතරකට අධික කාලයක් මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
අසාධාරණ සම්මුඛ පරීක්ෂණ වහා නවතනු, සභාපති - අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්තනෝමතික තීරණ හෙළා දකිමු, වැඩබලන ඒකාධිපති වියුරුව හෙලාදකිමු ආදී විරෝධතාපුවරු එහිදී ප්‍රදර්ශනය කරනු ලැබීය.
උදෑසන 10 ට පමණ ආරම්භ වූ මෙම විරෝධතාවය පස්වරු 2 පමණ වන තෙක් පැවති අතර සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව විරෝධතාවය අත්හිටුවනු ලැබීය.
ඡායාරූප : ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd