ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනකු විසින් නිපදවූ ප්‍රථම අභ්‍යාවකාශ චන්ද්‍රිකාව (රාවණා - 1) ලබන අප්‍රේල් මාසයේ දී අභ්‍යාවකාශයට පිවිසීමට සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් ආයතනයේ නිලධාරියකු පැවසීය.
රාවණා - 1 යනු කුඩා ප්‍රමාණයේ ක්ෂුද්‍රරූපී චන්ද්‍රිකාවකි. මෙම චන්ද්‍රිකාව නිපදවනු ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු තරිදු දයාරත්න සහ ආතර් සී ක්ලාක් ආයතනයේ පරීක්ෂණ ඉංජිනේරුවරියක් වන දුලානි චාමිකා යන දෙදෙනාය.
රාවණා - 1 පෘථිවියෙන් කිලෝමීටර් 400 ක් ඈතින් පිහිටා තිබේ. මෙහි උපරිම ආයු කාලය වසරක් හෝ වසර එකහමාරක් පමණ වේ.
රාවණා - 1 චන්ද්‍රිකාවේ ප්‍රමාණය ඝණ සෙන්ටිමීටර 1000 ක් වන අතර එහි බර කිලෝග්‍රෑම් 1.1 කි.
2019 පෙබරවාරි 18 වැනි දා ජපාන අභ්‍යාවකාශ ගවේෂණ ආයතනය වෙත චන්ද්‍රිකාව නිල වශයෙන් බාරදෙනු ලැබීය. එය අප්‍රේල් 17 වැනි දා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලබයි.
මෙමගින් ශ්‍රී ලංකාවට අවට ඡායාරූප ගැනීම ඇතුළු අරමුණු පහක් ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ.
ඩේලිමීරර් ඇසුරෙනි
පරිවර්තනය - මලීෂා ගුණවර්ධන



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා!
දරුවනේ.... නුඹලාට අපගේ හදවතින්ම උණුසුම් සුබපැතුම් !!!
ජයවේවා..!!! ආයු බොහෝවේවා ශ්‍රී ලංකා මවුනි දරූ, තෙරුවන් සරණයි...
ඇයි ඔය හිටපු රජතුමාගේ පුතෙකුත් චන්ද්‍රිකාවක් උඩු ගුවනට යැව්වා කියා කතාවක් තිබුණා නේද?
සුබ පැතුම්..!!! ඉදිරියට තවත් දේ ඉටුකිරීමට ශක්තිය ලැබේවා...
මෙවන් අසාමාන්‍ය නිර්මාණ ශක්තියෙන් හෙබි විශිෂ්ට බුද්ධිමතුන් සැමදාමත් වාසනාවන්.මේ වැනි විද්වතුන් තව තව සෑම සියලු අංශයෙන්ම පහල වේවා.රට කන සමහර තක්කඩි මැර දේශපාලකයන්ගෙන් මේ රට බේරාගෙන ජනතාව සුඛිත මුදිත කිරීමට ඔවුන්හට සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා !!!
අර අවුරුදු කීපයකට කලින් රෝහිත රාජපක්ෂ කියලා ලමයෙකුත් ඔය අභ්‍යවකාශයට ගියා නේද? එයා තාම එහේද?
චිචි බේබි මේ සේරම කලින් කළා..
සුබ පැතුම්..!!! ඉදිරියට තවත් දේ ඉටුකිරීමට ශක්තිය ලැබේවා...!!!
උණුසුම් සුභ පැතුම්!
මේ වගේ දරුවෝ තමයි රටක් පාලනය කරන්න ඕන. දැන් ඉන්නේ නොදරුවෝ ටිකක්,
වේදිකාවල මයික් පාලන නායකයන් පමණක් සිටින රටක ඔබ වැනි දරුවන් ජාතික සම්පතකි.. උණුසුම් සුබපැතුම්!!!
මේවට අත දෙන්න එපා. රෑට හොරෙන් අගමැතිලා ඇමතිලා පත්කළාම හරි...
225 යවන්න නම් එපා..
මාත් ඉංජිනේරුවෙක් හැටියට ඔයාල කරපු දෙය ගැන ඉතාමත් ආඩම්බර වෙනවා. ඉංජිනේරුවෝ තමයි මේ ලෝකය බැලු බැලු හැම දිහාවේම දකින තාක්ෂණය, යන්ත්‍ර, උපකරණ ජනතාවට නිර්මාණය කරලා හදල තියෙන්නේ. මෙතන තවත් වැදගත්කමක් වන්නේ ඔයාල දෙදෙනා ලංකාවේ ඉංජිනේරු ආයතන දෙකක් සහභාගී කරගෙන මෙ චන්ද්‍රිකාව නිර්මාණය කර සදාපු එකයි.. ඉදිරියේදී සහයෝගය වැඩි කරගෙන 'solar' තාක්ෂනය සහිතව දීර්ග කාලීන චන්ද්‍රිකාවක් හදන්න.. සුභ පැතුම් ඔයාලට .. හරිම ආඩම්බරයි!!!
ලෝකයේ විද්‍යා සහ තාක්ෂණික දියුණුව ගැන හිතා බලපුවාම මේවා හෝඩියේ පන්තියේ ළමයින්ගේ වැඩ! ළමයිනේ ඕවාට කාලය මිඩංගු කරන්නේ නැතුව මයියොක්ක ගස් දෙකතුනක් හිටවා ගත්ත නම් නරකද? අනිත් කාරණේ ඕකට තියපු නම! කොහෙන් ගත්තු එකක්ද?
ඹබ වැනි දරුවන් රටට ජාතික සම්පතකි
පින්නවල විදු මවු බ්මෙන් බිහි වී , පේරාදෙණිය සරසවි බිමෙහි ඉංජිනේරු පීඨයෙහි බැබලෙන සිසු තරුවක් වූ තරිදු , ශ්‍රීලංකා දේශයම මුළු ලොවෙහිම , විශ්වහිම දිදුලන තරුවක් වේවා. ඉංජිනේරු පීඨය , විදුලි ඉංජිනේරු අංශය , පේරාදෙණිය.
රටේ පාලකයන් ගෙන් මෙලෝ සහයක් නැතුව මේ දේ කල එකට රටේ ජනතාවගේ ප්‍රණාමය. නව නිපැයුම් ඉදිරිපත් කරන අය රැක ගැනීම , සහයෝගය දීම හා අලෙවිකරණයට ජනතාව එකතුවී යම් සංවිධානයක් සැකසිය යුතුයි. එසේ නිපදව භාණ්ඩ වලට සමාන භාණ්ඩ ආනයනය කිරීමට එරෙහි විය යුතුයි
අපේ රටේ දේශපාලකයෝ ජනතාවට පෙන්නන්නේ චන්ද්‍රකාවක් හදන එක මහමෙරක් හදනවා වගේ මහා බරපතල වැඩක් විදියට. ඒ උනාට අපේ රටේ උගතුන්ට ඒවා සරල වැඩ බව මේකෙන් තේරෙනවා. මේ වැඩේ දේශපාලකයෝ කරන්න ගියානම් කෝටි ගානක් වියදම් කරලත් කෙරෙන්නේ නැහැ.
මුළු හදවතින්ම ඔබලාට මගෙන් සුබ පැතුම්.
චි චී බේබිට නැනෝ සැට් එකක් යවල ඇග බේරගන්න තිබුණේ. ඒකට එහෙම දැනුමක්වත් තිබිල නෑ. කියුබ් සැට්, නැනෝ සැට් හෙවත් කුඩා ප්‍රමානයේ සහ කෙට්කාලීන චන්ද්‍රිකා ඉතා අඩු මුදලින් අභ්‍යාවකාශ ගත කරන්න පුලුවන් . මේ සිසුන් මේ තාක්ශණය ඉක්මනින් වැලදගැනීම ඉතා අගය කල යුතුයි . ලෝකයේ ඉස්සර ඉතා වියදම් අධික දේවල් අද ඉතා අඩු මුදලින් කරන්න පුලුවන් . ඕන වෙන්නෙ අලුත් අදහස් තමයි . අපේ ලමයි ගාව ඕන තරම් තියනවා.
ඇස් වලට කදුලු ආවා