
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
නව තානාපතිවරුන් 06 දෙනකු මහ කොමසාරිස්වරයකු , අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු සහ ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයකු පත්කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව, ඉන්දුනීසියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස එස්. ඒ. පී. පී. සේරම් මහත්මියගේ නමද, කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආර්.එස්.කේ අසාර්ඩ් මහත්මියගේ නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.
එමෙන්ම රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස එස්.කේ. ගුණසේකර මහත්මියගේ නමද, ඊජිප්තු අරාබි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ.එස්.කේ. සෙනවිරත්න මහතාගේ නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.
තවද ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එන්.එම් ෂහීඩ් මහතාගේ නමද, බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ලෙස වයි.කේ. ගුණසේකර මහත්මියගේ නමද, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්.පී වල්පිට ගමගේ මහතාගේ නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.
ඊට අමතරව, පරිසර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා පත් කිරීමට සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් එස්. වීරසිංහ මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබාදී ඇත.
තවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ආචාර්ය ඩී.ටී.කේ. බර්නාඩ් මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව නිර්දේශ ලබාදී තිබේ.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොක්කෝ තවත් 10ක මැතිසභා අනුමැතිය
Don perea Wednesday, 14 August 2024 08:43 PM
ලෝක හොරුන්ට රට සවාරි... ලන්ඩන් වල එම්බසි එක්ක ගැන දෙයක් නැහැ. ලෝක හොරෙක් මෙහෙ රජ කරනවා...!