
(ෂේන් සෙනෙවිරත්න)
ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රමුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ අද (17) උදේ පැවති උත්සවයේදී එහි පැමිණ සිටි පිරිසකට පිළුණු වූ කෙටි ආහාර සමග තේ පැන් ලබාදී ඇතැයි වාර්තා වේ.
මහනුවර නගරයේ ප්‍රසිද්ධ හෝටලයකින් ලබාගෙන තිබූ එම කෙටි ආහාරවල තිබූ සැමන් දැඩි ලෙස පිළුණු වී ගඳ වහනය වෙමින් තිබූ අතර, මේ හේතුවෙන් එහි සිටි බොහෝ දෙනෙක් දැඩි අපහසුතාවට පත්වූහ.
මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පිරිසක් සිටින උත්සවයකදී ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ආහාර ලබාදීම සම්බන්ධයෙන් එහි සිටි පිරිස් දැඩි විරෝධය දැක්වූ අතර, සිද්ධිය සමථයට පත්කිරීමට එහි සංවිධායක මණ්ඩලය දැඩි උත්සාහයක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අප්ප PHI මහත්තුරු.අපිට කක්ක හොදන අත්වලින් හෝටල් වල උදවියට කෑම බෙදන්න දීලා .පරන තෙල්වලින් උයපු කෑම කන්න දිලා කුණු මාලු කන්න දීලා ඒ උදවිය අපේ ප්‍රතිශක්තිය වැඩි කරනවා .එතුමන්ලත් බලා ඉන්දැද්දී දියුනු වෙනවා. කොලඹ නගර සභාවට සහ නුවර නගර සභා වලට පිං
උදේ සහ දහවල් ආහාර පිලුනු වී තිබුන බැවින් මේ පිලිබදව සොයාබලා අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුමයි
බදු මුදල් නාස්තිකිරීම තාමත් එහෙමමයි.
මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පිරිසක් සිටින උත්සවයකදී ඔහොම නම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? කිසිම දේකට නිසි යාන්ත්‍රණයක් නැති නිසා ව්‍යාපාරිකයෝ හැමතැනකම අසරණ ජනතාව පීඩාවට පත් කරනවා.
කෑම ටිකක්වත් හරියට දෙන්න බැරි රජ්ය ආයතන.
කෑම දීපු හෝටලේ අයිතිකාරයාත් ඇමති පුතාලු..
හෝටලයේ නම සිරි රම්‍යා
මහින්ද රාජපක්ෂට අයත් දේපොළ කොතරම් තියෙනවාද කියලා හිතාගන්න බැහැ. මෙතන උත්සවය කරල තියෙන්නෙ ඔහුට අයත් තැනක නිසා . මොකද කෙනෙකුගේ නමින් තියෙන සියලු දේවල් ඔහුගේ නිසා .ඇත්තටම රට හදන්න මුදල් සෙවීම හරිම පහසුයි කියලා කියන්න පුළුවන් කොහොමද කිව්වොත් ජනතා මුදල් යොදාගෙන ඉදිකර කෙනෙකුගේ නමින් පවතින සෑම ආයතන වලින්ම සංවර්ධන බද්දක් නමට අයිතිවාසිකම් කියන පුද්ගලයා ගෙන් හෝ ඔහු නැත්නම් උරුමක්කාරයන්ගෙන් අයකරන්න ඕන