(යොහාන් භාසුර)
ලංකා සතොස උත්සව සමය ඉලක්ක කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 7ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
එම භාණ්ඩ අඩු කළ මිලට අද (23) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.
රතු පරිප්පු කිලෝවක් රුපියල් 11 කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 6 කින්, අර්තාපල් කිලෝවක් රුපියල් 5 කින්, වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින්, ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින්, දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) එකක් රුපියල් 15 කින් සහ හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 50 කින් අඩු කළ බව සතොස කියයි.
ඒ අනුව රතු පරිප්පු කිලෝවක් රුපියල් 374 කට, සුදු සීනි කිලෝවක් රුපියල් 218 කට, අර්තාපල් කිලෝවක් රුපියල් 285 කට, වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,780 කිට, ලොකු ලූණු කිලෝවක් රුපියල් 185 කට, දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) එකක් රුපියල් 475 කට සහ හාල්මැස්සන් කරවල කිලෝවක් 1,100 කට අද දින සිට මිලදී ගතහැකි බව ද ලංකා සතොස වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවානම් අමු බොරු.. 21 වෙනිදා අඩු කරා කීවා. ඒ ගානම තමයි අදත් තියෙන්නෙ