(යොහාන් භාසුර)
ලංකා සතොස තවත් අළෙවිසල් රැසකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ඉල්ලා ඇති බවත් රට පුරා ලංකා සතොස 27 ක මේ වන විටත් මත්පැන් අළෙවිසල් ක්‍රියාත්මක වන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලදාරියෙක් පැවසීය.
සතොස ඉල්ලීම පිළිබඳව සළකා බලමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තත්ත්වය අනුව ඒකෙ කිසිම වැරැද්දක් නැහැ...!
සතොස සඳහා මධ්‍යසාර විකල්පයක් ලබාදීම හොඳයි, මන්ද පාරිභෝගික භාණ්ඩ සඳහා ලබා දෙන සහන හේතුව මත ලාභදායීතාවය අඩුවන බැවින් එය මෙම ආදායමෙන් ආවරණය කළ හැකියි. පාරිභෝගිකයින් මෙම භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවා රැගෙන යන්න බෑග් සැපයීමට අවම වශයෙන් පියවර ගැනීම හොඳයි.
රටපුරා මත්පැන් බලපත්‍ර ලබා දී ඇත්තේ දේශපාලකයින්ට සහ ඔවුන්ගේ හෙන්චයියන්ටයි. ඉතා සීමිතව බලපත්‍ර ලබාදෙන නිසා ඔවුන් අසීමිත ලෙස ලාබලබයි. මගේ අදහස නම් අවශ්‍ය කොන්දේසි සපුරන සෑම අයෙකුටම බලපත්‍ර ලබාදිය යුතු බවයි. එක් නගරයක එක් මත්පැන් හලක් වෙනුවට දෙකක් තුනක් තිබීමෙන් අමුතුවෙන් වෙන හානියක් නැත.
සෑම ආගමික ස්ථානයකටම මත්පැන් බලපත්‍රය ගානේ දීම හොඳයි. එතකොට මත්පැන් බොනඅය ඒක යම් පමණකටවත් ආගමානුකූලව හික්මීමකින් බොයි... අනික එයින් ලැබෙන ලාභයෙන් එම ස්ථානය නඩත්තුවට මුදල් ලැබේ. ආණ්ඩුවට බරක් නොවී විශාල සේවයක් රටට කළ හැකිය...