IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ලොකු ලූනු ගොවියාගෙන් ඇමතිට පණිවිඩයක්

(කාංචන කුමාර ආරියදාස)

දැනට විදේශ රටවලින් මෙරටට ඇනවුම් කොට තිබෙන රසායනික පොහොර බෙදාහැරීමේදී දේශීය ලොකු ලූනු ගොවියාටද එම පොහොරවලින් යම්කිසි ප්‍රමාණයක් ලබාදී භූමිත තෙල් මිල දී ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක්  සකසන ලෙස අනුරාධපුර, මාතලේ, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල දේශීය ලොකු ලූනු ගොවීහු කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටිති.

දේශීය ලොකු ලූණු වගාව සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති අවස්ථාවක නැවත රජය කෙරෙහි තැබූ විශ්වාසය මත දේශීය ලොකු ලූනු ගොවීහු යම් මට්ටමකින් ලූනු වගාවට අවතීර්ණ වී සිටිති.

ඒ අනුව අනුරාධපුර, මාතලේ , මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සැලකිය යුතු ප්‍රමාණයක් දේශීය ලොකුළ ලූනු පැල සිටුවීම මේ දිනවල ගොවීන් විසින් ආරම්භ කර තිබේ.

දේශීය ලොකු ලූනු නිෂ්පාදනය කිරීම නිසා විදේශ රටවලට මෙරටින් ගලායන ඩොලර් විශාල වශයෙන් ඉතිරි වන බව පෙන්වා දෙන ගොවීන් කියා සිටියේ ගොවිතැන තමන්ගේ රැකියාව නිසා එය අහිමි කරගැනීමට නොහැකි නිසා වහාම ඉදිරි වි වගාව සඳහා මෙරටට ගෙන්වන රසායනික පොහොරවලින් යම්කිසි ප්‍රමාණයක් ඉතා සුළු වශයෙන් සිටින දේශීය ලොකු ලූනු වගාවට ලබාද දීම සිදු කළ යුතු බවය.

එමෙන්ම ලූනු වගාවට අත්‍යවශ්‍ය වන ජලය සපයා ගැනීම සඳහා භූමිතෙල් හෝ ඩීසල් ඉන්ධන පිරවුම්හල්වලින් ලොකු ලූනු ගොවීන් සඳහා ලබා ගැනීමට යම්කිසි සාධාරණ වැඩපිළිවෙළක් සකසා දුනහොත් මේ මාස තුන හමාරක් ගත වෙද්දී දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලීම සිදු කළ හැකි බවය

එවිට මෙරට ඇති ඩොලර් සංචිතය ලොකු ලුණු සදහා විදේශ රටවලට ගලා යන එක සම්පූර්ණයෙන්ම නැවතී දේශීය ලොකු ලූනු වලින් මාස ගණනාවක් ජනතාවට ආහාර සපයා ගැනීමට හැකිවන බව ගොවීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට දන්වා සිටිති

 



අදහස් (0)

ලොකු ලූනු ගොවියාගෙන් ඇමතිට පණිවිඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14701 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 442 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site