IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ලෝක රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේදී  ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව - 2025හි පූර්ණ සැසිවාරයට සහභාගි වීමට නියමිත අතර, සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට සම්බන්ධ වීමටද අපේක්ෂා කරයි.

ඒ අනුව, ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සමඟද, අනතුරුව, කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මහතා සමඟද ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතය.

එසේම, හිටපු බ්‍රිතාන්‍ය අගමැති  ටෝනි බ්ලෙයාර් මහතා හමු වී සාකච්ඡාවක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉන් අනතුරුව පකිස්ථාන අගමැති මුහම්මද් ෂෙබාස් ෂරීෆ් මහතා සමඟින්  ද්විපාර්ශ්වික වශයෙන් වන වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවෙහි නිරත වනු ඇත.  

එසේම ජනාධිපතිවරයා,  ඔරකල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සමඟද සාකච්ඡාවෙහි නිරත වීමට අපේක්ෂිතය.  

පස්වරුවේදී කුවේට් අගමැති එච්.එච්. ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා හමු වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුවේට් අගමැතිවරයා සමඟින්ද ද්වීපාර්ශ්වික සාකච්ඡාවල  නිරත වනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද රාත්‍රියේදී, පුල්මන් නගර මධ්‍යස්ථානයේ පැවැත්වෙන ප්‍රජා වැඩසටහනට සහභාගී වීමටද අදහස් කරයි. 

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද ජනාධිපතිවරයා සමඟින් මෙම සංචාරයට එක්ව සිටියි.

 



අදහස් (0)

ලෝක රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 845 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2488 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1787 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site