
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ මෝල්ටා ජන රජය අතර ද්වීපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දූපත් ජාතීන් සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් ශ්‍රී ලංකාව සහ මෝල්ටා ජන රජය සමුද්‍රීය කටයුතු, දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධනය ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් බහුපාර්ශ්වීය සංසද වලදී සහයෝගයෙන් කටයුතු කරනු ලැබ ඇත.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 25 වැනි සංවත්සරය ද මේ වසරට යෙදී තිබේ.
ඒ අනුව, දේශපාලන, ආර්ථික, වෙළෙඳ, ආයෝජන, කොන්සියුලර් සහ සංස්කෘතික ආදී අංශයන්හි ද්වීපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම හා ශක්තිමත් කිරීම සඳහා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ මෝල්ටා ජන රජයේ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍යාංශය අතර ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකා - මෝල්ටා ද්වි පාර්ශවික ගිවිසුමක්
sachith Wednesday, 08 October 2025 04:27 PM
කොහේද මේක වෙන්න කළින් අපේ කුට්ටිතුමා මෙහෙම දෙයක් නෑ කියලා උසාවියේදී පිළිගත්තනේ...