IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලෝක බැංකු අනුග්‍රහයට අගමැතිනියගේ අවධානය

(යොහාන් භාසුර)

මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය  හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි.

පසුගිය වසර කිහිපය තුළ පාසල් දරුවන් සහ පාසල් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව නගා සිටුවීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය විශේෂ අවධානය යොමු කළාය.

එමෙන්ම මෙරට ද්විතීයක අධ්‍යාපනය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රය දියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට  සහභාගී වූහ.  



අදහස් (0)

ලෝක බැංකු අනුග්‍රහයට අගමැතිනියගේ අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site