
(ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැත්තාගේ රුපියල් කෝටි 1000 කට ආසන්න මුදල් ගනුදෙනු සිදුකළ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
ලොකු පැටී නැමැත්තා විසින් ගිණුම් ගත කළ මුදල් එක් සැකකරුවකු උණ්ඩියල් ක්‍රමයට රට යවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ලොකු පැටී නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් කටයුතු භාරව කටයුතු කළ කපුවකු ඉකුත් දා ගන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුගේ ගිණුමේ රුපියල් කෝටි 33 ක මුදලක් සංසරණය වී තිබූ බව පොලිසිය පවසයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී රුපියල් කෝටි 1000 ක මුදල් ගනුදෙනු කළ ගිණුම් දෙකක් හදුනාගෙන තිබුණි.
එම ගිණුම්වලින් ගනුදෙනු කළ පුද්ගලයන් ද මේවන විට හදුනාගෙන ඇති බව පොලිසිය කියයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘ලොකු පැටී‘ නැමැත්තා දැනට බූස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු පැටීගෙ ලොකුයි කියන එක අයින් කෙරුවොත් ලැජ්ජාවටම යහ මාර්ගයට එයි.
සමාවෙන්න මහත්තය ඔය දේ දැන හෝ නොදැන කරපු අය සිටිය හැකි. ඔවූන්ට කියන්න ඇත්ත කීමට වටිනාකම ක් තියෙන බව. බොරුව දැන හදුනාගෙන අත් හල අයද සිටිය හැකි. මගේ සියලු මව් වරුන්ට හා පිය වරැන්ට/ ආච්චිලා සීයලා හැමෝම උන්ඩියෙල් government exchange rate unit / xregister/ games. / communication pattern/ trigger/ credit_amount/ function test කියලා අපිට රජයේ digital currency ekek introduced කරන්න කියන්න. ලංකාවට සල්ලි Google rate ekata gedratama mudal dena door to door option තියෙන app ekak අපේ කොල්ලන්ට මහ දෙයක් නෙමෙයි. Profits handling and government income tax department Web එකේ app eka Google karanda. ඔය මොනව හැදුව ත් වැඩක් නෑ සර් හිත හැදිල නැත්නම්. ඇස් ඇත්තෙකුට පෙන්වා. තෙරැවන් සරණයි . රහතුන්ගේ ආර්යන්ගේ දේශයට නමස්කාරය වේවා. පැමිණි ගමන අවසානයි. යා යුතුව ඇති ගමන දුර නොවේවා. නමෝ බුද්ධාය