
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක් වන තුෂාරා විලියම්ස් මහත්මියට කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිව තිබේ.
පසුගිය 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා තුෂාරා විලියම්ස් මහත්මිය කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර ඇත.
කැනඩා රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව තුෂාරා විලියම්ස් මහත්මිය වේ.
තුෂාරා විලියම්ස් මහත්මිය කොළඹදී උපත ලබා ඇති අතර ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ කාන්තා විද්‍යාලයෙන් හදාරා ඇත. තුෂාරා විලියම්ස් මහත්මිය 1991 වසරේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති අතර ඇය කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය මෙන්ම ගෝලීය සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.
ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව කෙටි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සේවය කර තිබේ.තුෂාරා මහත්මිය 2001 වසරේදී කැනේඩියානු සිවිල් සේවයට බැඳී ඇති අතර ඇය සමාජ, ආර්ථික සහ මූල්‍ය අංශ වල අත්දැකීම් බහුල කාන්තාවකි.
තුෂාරා මහත්මිය කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීමට පෙර තනතුරු ගණනාවක් හොබවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල සමයේ ඔබ ගෝල්ෆේස් පිටියේ කළ වැදගත් කතා අප ඇසුවෙමු. ලංකාව ගැන ඔබට ඇති උනන්දුව බොහෝ අයට නැත. යහපත් පාලනයක් සඳහා බැදි අත්වැල අතනොහරිමු...
අද සිට කැනඩාවේ ඔය අමාත්‍යාංශයට වැඩක් කරගන්න එන කෙනාට ජරාව කීයක්වත් නොදී වැඩක් කරගන්න වෙන්නේ නෑ. අද ඉඳන් පටන් ගන්නවා 10% කොමිස් එක...!
ඔලුවෙන් හිටගෙන කිව්වත් මේගොල්ලන් එහේ දෙවැනි පන්තියේ පුරවැසියෝ. අපි එහෙමද? මේ සුරබිමේ අපිට වැඩිය ඉහළින් කපුටෙක්වත් පියාඹන්නේ නැහැ.
පිටරටක යම්කිසි තැනකට ලංකාවේ කෙනෙක් ආවාම ඒ ගැන උදම් අනන එක අප්‍රිය ජනකයි...
රට දාලා ගිය අය. තමන්ගේ මව්බිම ලංකාව කියලාවත් දන්නේ නැතිව ඇති. මෙහෙ පත්තරේ දාගෙන නටනවා. ඕනෑ නම් එයා කොටින්ට කඩේ යයි. එච්චරයි!
ජන සංහාරයක් කළා යයි අපිට චෝදනා නැගූ ටෲඩෝගේ රජයේ ඇමැතිකමක් ලබාගත් ලක් දියණිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළ දවසට මාද ඔබ ගැන ආඩම්බර වෙමි...
නමට විතරක් ලංකාවේ කෙනෙක්ට මොනවා හරි ලැබුණාම ඇයි අපේ රටේ අය මේ තරම් පම්පෝරි ගහන්නේ...?
අපිට ආඩම්බර වෙන්න දෙයක් නැති වුණාම වෙන කෙනෙක්ගෙ දෙයක් හරි අපේ කරගෙන ආඩම්බර වෙන තැනට පහළට වැටිලා...
තම තමන්ගේ නැණ නුවණ ඇති හැටියට හා තම තමන්ගේ විශ්වාසයේත් හැටියට කවුරුන් මොනවා කිව්වත් මෙතුමියට තම උගත්කමේ හැටියට තමයි මේ තනතුර ලැබී ඇත්තේ. මේ රටේ එහෙම ලැබේවිද? මෙන්න කියලා ලැබෙයි.. මාලකඩපු අයට, අටපාස් කසිප්පු කාරයින්ට වගේ අයට තමයි මේ රටේ ප්‍රමුඛත්වය දෙන්නේ... කොපමණ සුදුසුකම් තිබුණත් දේශපාලන හිතවත්කමට තමයි මේ රටේ මේ වගේ තනතුරු දෙන්නේ. එහෙව් එකේ අපේ රටේ සම්භවයක් ඇති කෙනෙකුට මේ තනතුර ලැබීම අපට කළ ගෞරවයක් නොවේද? විශේෂයෙන්ම උගත්කමට නිසිතැන දීමක්... එමෙන්ම මෙය අපේ පාර්ලිමේන්තුවේ ඉන්නා අයට හොඳ ආදර්ශයක්. මිරිස්කුඩු කාරයන්, මාල කැඩූ අය ඇතුළු අමන නරි මෝඩ රැල ඉවත්කොට මේ රටේත් උගත්කමට තනතුරු දෙනවා නම් කොපමණ හොඳද...?
ලංකාවේ හොර, තක්කඩි, අමන, මෝඩයින් පිළිබඳව ලෝකයම දැනුවත් කරන්න හොඳ අවස්ථාවක් මේක... ලංකාවේ නකුටු සුනඛයෝ මෙහෙ ඉඳගෙන කැනඩාවට බුරන හැටිත් කියලා දෙන්න පුළුවන් එතකොට.. ලංකාවේ හොර, තක්කඩි, අමන, මෝඩයින් පිළිබඳව ලෝකයම දැනුවත් කරන්න හොඳ අවස්ථාවක් මේක... ලංකාවේ නකුටු සුනඛයින් මෙහෙ ඉඳගෙන කැනඩාවට බුරන හැටිත් කියලා දෙන්න පුළුවන් එතකොට.. මෙහෙ එවුන් මහා ලොකුවට උඩ පැන්නාට, ඒ නෝනාට ලංකාවේ සම්භවයක් තියෙනවා කියලා කියන්නත් ලජ්ජා ඇති..
ඇයි මේ අපේ රටේ මිනිස්සු මේකට උඩ පනින්නෙ... මෙයා කැනඩාවෙ පුරවැසියෙක්.... මෙයා ඔතෙන්න ගියා කියලා අපේ රටට වැඩක් නෑ.... එයාගේ ගමනාන්තය ඒ.....අපේ රටේ ඉන්න උන් ආයෙත් සැරයක් හොරු මංකොල්ල කාරයෝ යවන්නෙ නැතුව මේ වගේ මොලේ තියන උගත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවමු..... මෙයාට කැනඩාවෙ වැඩ ටික බලාගන්න ඉඩ දෙමු...
ඇයට ඒ තනතුර ලැබුන එකට අපි මොකටද උදම් අනන්නෙ කියල අහන අයට මතකද දන්නෑ කමලා හැරිස් රිෂී සුනැක් ගැන ඉන්දියාව කතා කල හැටි.. අපේ මිනිස්සු මෙච්චර ම කුහක ඇයි කියලා මට තේරෙන්නෙ නෑ