
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
කියුබානු මහකොමසාරිස් ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (26) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්විණි.
මෙම අවස්ථාවට කියුබානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරිබල් ඩුරාටේ ගොන්සාලේස්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් කියුබානු රජයේ සහය ලබා දෙන බව කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සේලෝ මෙහිදී ප්‍රකාශ කළේය.
දෙරට අතර පැවති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී කටයුතු කරන බව තානාපතිවරයා මෙහිදී සඳහන් කළ අතර, අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේ ඒ වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙසත් සහ ආණ්ඩුව ලෙසත් ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබා දෙන බවයි.

2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් ක්‍රීඩාවට සහය දෙන්න කියුබාව පොරොන්දු වෙයි