IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලෝක උපයෝගිතා කොංග්‍රසයට අනිල් - කුමාර ඇමතිවරු සහභාගි වෙති

(යොහාන් භාසුර)

උපයෝගිතා ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය සහ කලාපීය සහයෝගීතාව උදෙසා ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කරමින් අමාත්‍යවරු දෙපළක් ලෝක උපයෝගිතා කොංග්‍රසයට (2025) සහභාගි වෙති.

එක්සත් අරාබි එමිරේට්ස්හි අබුඩාබිහිදී පැවති 2025 ලෝක උපයෝගිතා කොංග්‍රසයට (World Utilities Congress) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරු සහභාගී වූහ.

"උපායමාර්ගික දේශසීමා හරහා වන ජල සහයෝගීතාව මගින් බලශක්ති සුරක්ෂිතතාව බලගැන්වීම" යන මාතෘකාව යටතේ පැවති සම්මන්ත්‍රණ සැසියට ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහභාගී වූ අතර එහිදී ජල හිඟ‌ය පිළිබඳ ගැටලුව විසඳීමට සහ ජලය වෙත සාධාරණ ප්‍රවේශයක් සහතික කරලීමේ ගෝලීය උපාය මාර්ග පිළිබඳව සාකච්ඡාවෙහි නිරත විය.

එසේම, “උපයෝගිතාවන්හි අනාගතය හැඩගැස්වීම; නැගී එන ආර්ථිකයන්හි බලශක්තිය කෙරෙහි ප්‍රවේශය සහ වර්ධනය තුලනය කිරීම” මැයෙන් පැවති සම්මන්ත්‍රණ සැසියට සහභාගි වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගමණය ඉස්මතු කරමින්, ඒ සඳහා විනිවිදභාවය, නවෝත්පාදනය සහ මහජන දායකත්වය යන සාධකයන්වැදගත් වන ආකාරය පෙන්වා දුන්නේය.

 



අදහස් (1)

ලෝක උපයෝගිතා කොංග්‍රසයට අනිල් - කුමාර ඇමතිවරු සහභාගි වෙති

ගුණරත්න Thursday, 29 May 2025 12:25 PM

රටේ ප්‍රශ්න විසඳලා අහවරයි, ඉතින් රට සවාරි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 579 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 728 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 307 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site