
(සුජිත් හේවාජුලිගේ)
පශ්චාත් උපාධි හැදෑරීමට විදේශගත වූ වෛද්‍ය නිලධාරීන් 71 දෙනෙකුගෙන් 68 දෙනෙකුම එම උපාධිය සම්පූර්ණ නොකර කට්ටි පැන ඇති බව අලුත්ම විගණන වාර්තාවක සඳහන්වේ.
ඒ අනුව එම නිලධාරීන්ගේ වෙනුවෙන් රජය දරන ලද සමස්ත වියදම නාස්ති වී ගොස් ඇතැයිද එහි දැක්වේ.
එසේම වෛද්‍ය නිලධාරීන් දොළොස් දෙනෙකු සේවය අතහැර යෑම සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධිය ආයතනයට දැනුම් දීමට අමාත්‍යාංශය කටයුතු කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර බැඳුම්කර කඩ කරන වෛද්‍ය නිලධාරීන්ගෙන් අය විය යුතු සියලුම මුදල් ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගැනීමේදී අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අැති හැකියාව සොයා බලන ලෙස විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය විය යුතු හිඟ මුදල් හා විදේශ පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන්වූ විශේෂ විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව එච්චර ප්‍රශ්න නෙමෙයි. නීතියක් ගේන්න එහෙම යන අය කට්ටි පැන්නොත් ඔවුන් අපරාධකාරයෝ විදියට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන්න. ඔවුන් නැවත අල්ලන තුරු ඔවුන් වෙනුවෙන් මේ රටේ බදු ගෙවපු ජනතාව දරන ලද වියදම් පොලියකුත් සමග නැවත අයකරගන්න විදියට. එකෙක්වත් ආපහු එන්නේ නැතිව ඉන්නේ නෑ.
දුප්පත් පුරවැසියන්ගේ මුදලින් නොමිලේ අධ්‍යාපනය ලබා රටේ ජනතාවට පයින් ගසා සුරසැප විඳින්න යන එකෙකුටවත් නැවත මව්බිමට කිසිම හේතුවකට පය තැබීමට බැරි නීති ගේන්න. වෛද්‍ය උපාධිය පමණක් නොව සෑම උපාධියකටම පොදු ලෙස රට හැරයාමට පෙර නියමිත කාලයක් රටට සේවය නොකළහොත් උපාධිය සම්පූර්ණ කිරීමට ගිය වියදම අයකර පිටවී යන නීති ගේන්න...