(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දෙරට අතර ද්වීපාර්ශ්වික ගුවන් සේවා කටයුතු වලට අදාළ පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය සාකච්ඡා පවත්වා ඇති අතර, ඒ අනුව දෙරට අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා 2018-07-24 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
එහෙත්, එකී ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැති අතර, කඩිනමින් එකී ගිවිසුමට එළඹීමේ යෝග්‍යතාව දෙපාර්ශ්වය විසින් හඳුනාගනු ලැබ තිබේ. යෝජිත ගිවිසුම යටතේ ඕනෑම වර්ගයක ගුවන්යානයක් උපයෝගි කර ගනිමින් එකඟතාවකට පැමිණි ගුවන් මාර්ග ඔස්සේ ගුවන් මගී සේවා සඳහා සතියකට නිශ්චිත කාලසටහන්ගත ගුවන් ගමන්වාර 14ක් දක්වා සහ ගුවනින් භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා සතියකට නිශ්චිත කාලසටහන්ගත ගුවන් ගමන්වාර 7 ක් දක්වා පවත්වා ගැනීමට හැකියාව ලැබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර එකී ගුවන් සේවා ගිවිසුම අත්සන් තැබීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 17
56
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලංකා-ඉතාලි ගුවන් සේවා ගිවිසුමක්
Sepalika Tuesday, 29 July 2025 01:16 AM
අපේ රටට යන්න අපි ගොඩක් දුක් විඳිනවා. දවස් 2 පමණ. ගොඩක් හොඳ දෙයක්