IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලෝක ආහාර වැඩසටහනේ සැලසුමට අවසර

(අංජුල මහික වීරරත්න)

ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකා උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

උපාය මාර්ගික ප්‍රමුඛතා සහ වැඩසටහන් ඇතුළත්ව 2023-2027 කාලසීමාවට අදාළ වන පරිදි වසර 4 ක කාලයකට ප්‍රධාන සැලසුම් මෙවලමක් වශයෙන් ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකා උපායමාර්ගික සැලැස්ම සකස් කරනු ලැබ ඇත. 

ශ්‍රී ලංකාව සඳහා වන එම සැලැස්ම යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 74.87 ක ප්‍රතිපාදන වෙන්ව තිබේ. එම උපාය මාර්ගය විධිමත් හා අන්‍යෝන්‍ය එකඟතාවකින් යුක්තව දෙපාර්ශ්වය අතර අවබෝධතා ලිපියක් අත්සන් කිරීමෙන් ක්‍රියාත්මක වේ. 

ඒ අනුව, එම උපායමාර්ගික සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අතර අවබෝධතා ලිපියට අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

ලෝක ආහාර වැඩසටහනේ සැලසුමට අවසර

Lal Tuesday, 03 June 2025 01:34 PM

රනිල් ජනාධිපති තුමා පටන් ගත්ත වැඩ..... බොහොම ස්තුතියි රනිල් ජනාධිපති තුමනි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2303 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site