
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් වලට සහ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දෙරට අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාක්‍යාංශය සහ මහජන චීන සමුහාණ්ඩුවේ පහත ආයතන සමඟ ගිවිසුම් වලට එළඹීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
(i) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ගුවන් විදුලි සහ රූපවාහිනී පරිපාලනය අතර අවබෝධතා ගිවිසුම.
(ii) සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ චීනයේ ෂින්හුවා පුවත් නියෝජිතායතනය (Xinhua News Agency) අතර අවබෝධතා ගිවිසුම.
(iii) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ විනයේ ෂින්හුවා පුවත් නියෝජිතායතනය (Xinhua News Agency) අතර සහයෝගිතා ගිවිසුම.
(iv) ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුම.
(v) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුම.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්තාවෙන් සහතික කොට ඇති මාධ්‍ය නිදහස හකුළුවා චීන මාදිලියේ මාධ්‍ය මර්දනයකට පාර කපන අතර එය අපේ යහපතට නොව අයහපතට හේතු වනු ඇත. මහජනයා පෙලන පාලනය කිසි විටෙක ප්‍රජාතන්ත්‍රවාදී නොවන අතර රට අරාජිකත්වය සහ බාහිර ඇඟිලි ගැසීම් මගින් අස්ථාවර බවට පත් වනු ඇත. ඉන්දීය දේශපාලනය තවම මෙම කලාපය තුල බලවත් බව අමතක නොකළ යුතුය.