IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලී මඩුවට පැන හිමිකාරිය මරයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අතුරුගිරිය ගොඩගම පාරේ පිහිටි ලී මඩුවක් තුළදී තියුණු ආයුධයකින් ඇන එහි හිමිකාරිය ඝාතනය කොට තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මංගලිකා මහවත්ත 50 හැවිරිදි අතුරුගිරිය ලක්මිණී ලී මඩුවෙහි හිමිකාරිය බව පොලීසිය කියයි.

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මෙම ලී මෝලෙහි සේවය කරන අතර සේවය නිමවා නිවසට නොපැමිණීම නිසා ඔහුගේ බිරිඳ රාත්‍රී 7.30 පමණ ලී මඩුවට පැමිණ බැලීමේදී තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකොට සිය සැමියා සහ ලී මෝලෙහි හිමිකාරය ලේ විලක් මැද වැටී සිටින දැක ඇතැයි පැවසේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කොට සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා රෝහල්ගත කිරීමට යාමේදී කාන්තාව මියගොස් ඇති බවට අනාවරණය වූ බව පැවසේ.

එම අවස්ථාවේ දී මියගිය කාන්තාවගේ මුහුණෙහි වම් පසින් මුඛය තුළට ඇන බරපතල තුවාල සිදු කළ පිහිය මුඛය තුළ රැඳී තිබෙන දක්නට තිබු බව පොලිසිය පවසයි.

පසුව බරපතළ තත්වයෙන් පසු වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව තිබුණි.

එම පුද්ගලයාගේ හිසට බරපතළ කැපුම් තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙසේ බරපතළ තුවාල සිදුව ඇත්තේ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි

ඝාතනය කුමන හේතුවක් නිසා කවර කවරකු විසින් සිදු කළා දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක.

 



අදහස් (1)

ලී මඩුවට පැන හිමිකාරිය මරයි

fairoos Wednesday, 03 May 2023 01:13 PM

මිනිස්සු එන්න එන්නම ඉතාම දුර්වල වෙලා... එල්ලුම් ගහ ගේන්න වෙයි වගේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site