(අංජුල මහික වීරරත්න)

ලෝක ශූර රුමේෂ් තරංග ක්‍රීඩකයාට මෙතැන් සිට සෑම වසරකම ලෝකයේ හොඳම තත්වයේ හෙල්ල ලබා දීමට කටයුතු කරන බව අරලිය ව්‍යාපාරයේ නිර්මාතෘ ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

රුමේෂ් තරංග ක්‍රීඩකයාගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතා සමඟ තමා මේ පිළිබඳව සාකච්ඡා කළ බවද ඩඩ්ලි සිරිසේන මහතා කියයි.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රුමේෂ් තරංගට රජයෙන් ලබා දෙන හෙල්ල වලට අමතරව තමා මෙම පරිත්‍යාගය කරන බව ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

ඔලිම්පික් රන් පදක්කම  රටට දිනා දීම තෙක් ඔහු හැකි ආකාරයෙන් බලාගන්නා බවට තමා පොරොන්දු වූ බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

රුමේෂ් තරංග ක්‍රීඩකයා ලෝක මට්ටමට රැගෙන යාම දක්වා හොඳින් රැකබලා ගැනීමේ වගකීම මෙම අවස්ථාවේ  රටේ ඉහළ පෙළේ දේශීය ව්‍යවසායකයන්ගේ යුතුකමක් බවද ඩඩ්ලි සිරිසේන මහතා කියයි.

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව සඳහන් කරන්නේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.