(කුෂාන් ජයවර්ධන‍)

කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ සිට කලාවැව ඉස්මත්තේ සිටින සිය රංචුව සොයා එගොඩවීමට යන අතරතුර කලාවැව මහවැලි සංචාරක නිකේතනයට  පැමින කලහකාරී ලෙස හැසිරුනු වල් අලියකු නිසා එහි කාර්ය මණ්ඩලය මෙන්ම ගම්මානයේ ජනතාව ද භිතියට පත්වූහ.

විජිතපුර හා ගල්කිරියාගම වනජීවී කාර්යාලවල නිලධාරීහු පැමිණ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව එම වන අලියා කලාඔය ආසන්න රක්ෂිතයකට පලවා හැරීමට කටයුතු කළහ.

බලුලුවැව ප්‍රදේශයේ සිට කලා බලලුවැව බැම්ම මතින් පැමිණ ඇති එම අලියා කලාවැව මහවැලි සංචාරක නිකේතනය අසලින් බලලුවැවට බැස පිහිනා යමින් කලැවැව සංචාරක නිකේතන භූමියට ඇතුළු විය.

එම වන අලියා පැය ගණනක් සංචාරක නිකේතන භූමියේ සැරිසරමින් පසුව  කලාවැව ගලේවෙල ප්‍රධාන මාර්ගයට පිවිස කලාබලලුවැව බැම්ම ඔස්සේ බලලුවැව දෙසට කලහකාරී ලෙස ගමන් කළේය.  අනතුරුව එම වන අලියා බලලුවැව- මල්වත්ත ගම්මානය දෙසට ගමන්කළේය.