IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රෝහලෙන් සොරකම් කළ ඊ.සී.ජී.යන්ත්‍රය දින තුනකට පසු ගෙනත් දාලා

( ජේ.ඉඳුරුවගේ )

බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන  ගිය  රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.යන්ත්‍රය සහ තවත් වෛද්‍ය මාපකයක්  අද  (22 ) අලුයම බෙන්තොට රෝහල ඉදිරිපිට බිමදමා ගොස්  තිබියදී සොයාගත් බව බෙන්තොට පොලීසිය  කියයි.

 ඉකුත් 18 දා රාත්‍රී අටට පමණ මෙම යන්ත්‍ර සොරාගෙන යාම පිළිබඳව   රෝහලේ රාත්‍රී සේවයේ යෙදී සිටි හෙද නිලධාරිනියක විසින්  පොලීසියට පැමිණිල්ලක් කර තිබූ බව පොලීසිය පැවසීය. 

මෙම යන්ත්‍ර සොරකම ගැන ඇල්පිටිය පොලිස් කොට්ඨාස ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් සමග පරීක්ෂණ පවත්වමින් සිටියදී එම යන්ත්‍ර   පොලිතීන් දවටනයකින් ඔතා  කිසිවෙකු විසින් අද   මෙලෙස රෝහල ඉදිරිපිට දමා ගොස් තිබූ බව පොලීසිය පැවසීය .

ඇල්පිටිය කොට්ඨාස ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් පැමිණ මෙම යන්ත්‍ර ඔතා තිබූ දවටන ඉවත්කර එහි ඇඟිලි සළකුණු ලබාගත් බව පොලීසිය පවසයි.



අදහස් (0)

රෝහලෙන් සොරකම් කළ ඊ.සී.ජී.යන්ත්‍රය දින තුනකට පසු ගෙනත් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site