IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රාහුල්ට සෝනියාට චෝදනා

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධිගෙන් සහ ඇගේ පුතු පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට, ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය සූදානම් වෙයි. ඒ, 2015 වසරේ ආන්දෝලනයක් ඇති කළ ‘නැෂනල් හැරල්ඩ්’ පුවත්පත සහ එම පුවත්පත හිමි ‘නැෂනල් හැරල්ඩ්්’ සමාගම සම්බන්ධ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා මුල්කොට ගනිමිනි.

මූල්‍ය බුද්ධි අංශයට පැමිණෙන්නැයි එම බුද්ධි අංශයේ නිලධාරීන් රාහුල් ගාන්ධිට දැනුම් දී තිබුණේ අද (2) දිනයේය. කෙසේ නමුත් ඔහු විදෙස්ගතව සිටින බැවින් එම දිනය ඉදිරියේ දිනයකට වෙනස් කර ගැනීමට සිදුවුණු බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත. සෝනියා ගාන්ධි මූල්‍ය බුද්ධි අංශයට කැඳවා ඇත්තේ ලබන 8 වැනිදාය.

නැෂනල් හෙරල්ඩ් සමාගම සම්බන්ධ මූල්‍ය විශුද්ධිකරණ සිද්ධිය යනු කොටස් ගනුදෙනුවක දී, ඉන්දීය රුපියල් කෝටි 2,000 කට වැඩි වත්කම් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියයි. නැෂනල් හෙරල්ඩ් යනු 1938 දී ජවහර්ලාල් නේරු සහ අනෙකුත් නිදහස් සටන්කාමීන් විසින් ආරම්භ කරන ලද පුවත්පතකි. එය මුලින් ප්‍රකාශයට පත් කරන ලද්දේ සීමාසහිත ඇසෝසියේටඩ් ජර්නල්ස් සමාගමය.

කොංග්‍රස් පක්ෂයෙන් ඉන්දීය රුපියල් කෝටි 90 ක් ලබා දී එම පුවත්පත දිගටම පවත්වාගෙන යෑමට උත්සාහ කළ නමුත් එදා එය අසාර්ථක විය. 2008 වසරේ දී පුවත්පත වසා දැමුණි.

ඉන්පසු 2010 වසරේ දී සීමාසහිත ඇසෝසියේටඩ් ජර්නල්ස් පාලන අධිකාරිය වෙනස් වූයේ එය යංග් ඉන්දියන් පෞද්ගලික සමාගම යටතට පත්වීමත් සමඟය. යංග් ඉන්දියන් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර සෝනියා සහ රාහුල් සිටිති.

2012 දී, ප්‍රතිවාදී භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියන් ස්වාමි, කොංග්‍රස් නායිකා සෝනියා සහ රාහුල්ට චෝදනා නගන්න විය. ඒ,  නැෂනල් හැරල්ඩ් සමාගම, යංග් ඉන්දියන් පෞද්ගලික සමාගම විසින් පවරා ගනු ලැබීම සම්බන්ධයෙන් සිදුවුනු මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙනි.

ආදායම් බදු පනත යටතේ, කිසිම දේශපාලන සංවිධානයකට තුන්වැනි පාර්ශ්වයක් සමඟ මූල්‍ය ගනුදෙනු කළ නොහැකි බව ද චෝදනා නගමින් භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියන් ස්වාමි චෝදනා කර තිබුණි. විමර්ශන පැවැත්වීම සිදුවන්නේ එම චෝදනා සම්බන්ධයෙනි. සුබ්‍රමනියන් ස්වාමි පෙන්වා දී ඇති අන්දමට ‘නැෂනල් හැරල්’ සමාගම පවරා ගැනීම සිදු කර ඇත්තේ සෝනියා සහ රාහුල් ගාන්ධි ලාබ ලැබීමේ අරමුණින් බවය.

යංග් ඉන්දියන් පුද්ගලික සමාගම 2010 වසරේ සංස්ථාගත කරන අවස්ථවේ සමාගමේ ප්‍රාග්ධනය ඉන්දීය ලක්ෂ 50 ක් බව පැවැසෙයි. සංස්ථාගත කිරීමෙන් අනතුරුව යන්ග් ඉන්දියන් පුද්ගලික සමාගම සීමාසහිත ඇසෝසියේට් ජර්නල්ස් සමාගමේ කොටස් බහුතරය  අත්පත් කරගෙන ඇත.

නැෂනල් හෙරල්ඩ් පුවත් පත පවත්වා ගෙන යාම සඳහා වරින් වර සීමාසහිත ඇසෝසියේට් ජර්නල්ස් සමාගමට ඉන්දීය රුපියල් කෝටි 90.25 ක මුදලක් ඉන්දීය කොංග්‍රස් පක්ෂය විසින් ලබා දී තිබුණි.

සීමාසහිත ඇසෝසියේට් ජර්නල්ස් සමාගම කොංග්‍රස් පක්ෂයට ගෙවිය යුතු  ඉන්දීය රුපියල් කෝටි 90.25 ණය මුදල අනෙක් සෑම සමාගමක් කරන්නා සේ, ණය සමාගම් කොටස් බවට පරිවර්තනය කරමින් යන්ග් ඉන්දියන් පුද්ගලික සමාගමට පවරා ඇත. යංග් ඉන්දියන් සමාගම සතු කොටස් වලින් වාර්ෂිකව රුපියල් කෝටි 154 ක අදායමක් ලබන බව පැවසෙයි.

යංග් ඉන්දියන් පුද්ගලික සමාගම 2010 වසරේ සමාගමක් ලෙස ලියාපදිංචි කරන අවස්ථාවේ ඉන්දීය සමාගම් පනතේ 25 වෙනි වගන්තියේ විශේෂ විධිවිධාන යටතේ කොන්දේසි දෙකකට යටත්ව ලියාපදිංචි කර ඇත. ඉන් එක් කොන්දේසියක් වන්නේ යංග් ඉන්දියන් පුද්ගලික සමාගම ලාභ නොලබන සමාගමක් විය යුතුය යන්නය. අනෙක් කොන්දේසිය නම් එහි කොටස් හිමියන්ට හෝ අධ්‍යක්ෂවරුන්ට ලාභාංශ ලබා දිය නොහැකිය.

75 හැවිරිදි සෝනියා ගාන්ධි, කොංග්‍රස් පක්ෂ අන්තර්වාර නායිකාව ලෙස කටයුතු කටයුතු කරන අතර, 51 හැවිරිදි රාහුල් ගාන්ධි පක්ෂයේ මහ ලේකම් ධුරය හොබවන්නේ තාවකාලිකවය. ඒ, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මහ ලේකම් ධුරය සඳහා සුදුස්සකු පත් කර ගන්නා තුරුය. සෝනියා මෙන්ම රාහුල් ද ඔවුන්ගේ තනතුරුවලින් මෙසේ ඉවත් වීමට සූදානමින් සිටින්නේ, පසුගිය කාලයේ සිදුවුණු මැතිවරණ පරාජ සැලකිල්ලට ගනිමිනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

රාහුල්ට සෝනියාට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 535 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1689 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site