
(අංජුල මහික වීරරත්න)
තෝරාගත් රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීන රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සපයමින් තෝරාගත් රෝහල් වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කෙරේ.
ඒ යටතේ රෝහල් 13ක විවිධ විශේෂිත ඒකකයන්ගෙන් සමන්විත රෝහල් ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීමටත්, ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සැපයීමටත් මේ වන විට කටයුතු කරමින් පවතින බව රජය කියයි .
මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල් 8 ක ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර, එක් රෝහලක හැර අනෙකුත් රෝහල් 4 හි ප්‍රගතිය 90%ක් පමණ ඉක්මවා තිබීම සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් නිම කිරීමට හැකි වන පරිදි ව්‍යාපෘති කාලසීමාව 2025-12-31 දින දක්වා දීර්ඝ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රෝහල් පහසුකම් වැඩි කරන ව්‍යාපෘතියේ කාලය දිගු කරයි