IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රෝහල් පහකට නවීන විකිරණ යන්ත්‍ර

(අංජුල මහික වීරරත්න)

පිළිකාව පුද්ගල ඛේදවාචකයක් ලෙස නොව සමස්ත ජාතීයේ ම අභියෝගයක් සේ සලකා ජනතාව එයින් මුදා ගැනීමට ක්‍රියා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, වත්මන් රජයේත්  ප්‍රමුඛතම අරමුණක්   බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ  චිකිත්සක උපකරණ (Liner Accelarator Machines) තෝරා ගත් රජයේ රෝහල්වල ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ  දෙවන අදියර සදහා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් ය. 

වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා වර්තමානය වන විට බෝ නොවන රෝග අතුරින් පිළිකා රෝගී තත්ත්වය ජනතාව අතර පැතිරයාමේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, එය මර්දනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ශක්තිමත්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීම ඇතුළුව විවිධ ප්‍රායෝගික  වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබෙන බව ද පැවසීය.

පළාත් කිහිපයක් ආවරණය වන පරිදි රෝහල් පහක් දෙවන අදියර යටතේ තෝරා ගෙන අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ ස්ථාපිත කිරීමට පියවර ගැනීම තුළින් පිළිකා රෝගීන්ට දුර බැහැර ගෙවා රෝහල් කරා පැමිණිම වෙනුවට තමා පදිංචි ප්‍රදේශය ආසන්නයේ ම රෝහලෙන් එම ප්‍රතිකාර ලබා ගැනීමට පහසුව ලැබීම තුළ රෝගීන්ට පමණක් නොව එම රෝගී පවුල්වල සාමාජිකයන්ට පවා මහත් සහනයක් සැලසෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

නවීන විකිරණ යන්ත්‍ර උතුරු මැද පළාත ආවණය වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේත්, වයඹ පළාත ආවරණය වන පරිදි කුරුණෑගල ශික්ෂණ රෝහලෙත්, ඌව පළාත ආවරණය වන පරිදි බදුල්ල ශික්ෂණ රෝහලේත්, දකුණ පළාත සහ නැගෙනහිර පළාත ආවරණය වන පරිදි හම්බන්තොට ශික්ෂණ රෝහලේත්, සබරගමුව පළාත ආවරණය වන පරිදි රත්නපුර ශික්ෂණ රෝහලේත් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.



අදහස් (0)

රෝහල් පහකට නවීන විකිරණ යන්ත්‍ර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site