
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ටෝනි කරුණනායක )
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිසේරියන් සැත්කමකින් උපත ලබා පසුව ගම්පහ රෝහල වෙත මාරු කර ඒවා එම රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දින 22ක් වයස පිරිමිදරුවා තමන්ගේ නොවන බව එම සිරුර ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයේ දී අද (9) පරීක්ෂාකර බැලූ අඹුසැමි යුවළක් දැනුම් දුන් බව ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි.
ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා රෝහල් මෘත ශරීරාගාරයට ඊයේ පැමිණ ළදරු මළ සිරුර පරීක්ෂාකර බලා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වනු ලැබීය.
අඹුසැමි යුවළ මෙම ළදරු මළ සිරුර පරීක්ෂා කර බලනු ලැබුවේ මෙම අවස්ථාවේදීය.
මියගොස් සිටින්නේ තමා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී බිහි කළ දරුවා නොවන බව මව පැවසීමෙන් පසු මළ සිරුරඩී. එන්. ඒ. පරීක්ෂාවකට ලක්කර මෙම ළදරුවාගේ සැබෑ මවුපියන් කවුරුන්ද යන්න තහවුරු ගැනීමට කටයුතු කරගෙන යන බව පොලීසිය කියයි.
මෙම කාන්තාවගේ සැමියා ද සිරුර පරීක්ෂාකර බලා එය තමාගේ බිරිඳ බිහි කළ දරුවා නො වන බව පැවසීයැයි පොලිසිය සඳහන් කරයි.
සිරුර ඩී.එන්ඒ පරීක්ෂාවකට ලක් කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝගයක් කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගෙවන වාට්ටුවකට දරු ප්‍රසූතියක් සඳහා පසුගිය මැයි මස 29 වෙනිදාඇතුලත්වී සිසේරියන් සැත්කමකින් දරුවකු බිහි කළ බවත්පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය සේවය පණ අදිමින් සිට්න්නේ...!
ළදරු මරණයක් දැකීමේ කණගාටුදායක පුවතක්. අම්මාට දින කිහිපයක මුහුණක් තිබූ අතර ළදරුවෙකුගේ සජීවී හා මිය ගිය සිරුර සංසන්දනය කිරීම ප්‍රායෝගිකව අපහසුය. මෙය ඉක්මනින් විසඳෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
මෙය හිතාමතා කල මාරු කිරීමක්.
අම්මෝ... මේ නම් මහා කාලකන්නි ජාතියක්, මේක සත්‍ය නම්. කොහොම ගෙදර ගිහින් නිදියනවාද දන්නෑ... මෙහෙම සල්ලි හම්බ කරලා.
දරුවා හිතාමතා මාරුකරලා නම් හෝ, නොදැන මාරු වී ඇත්නම්, එය විශාල වරදකි. එහෙත් තවම තීරණයක් දී නැහැ. ඒක නිසා කමෙන්ට් දාන්න ඉක්මන් වෙන්න එපා. මගේ අදහසක් තියෙනවා, ඒත් මෙතන කියන්න කැමැති නැහැ. හරියටම කාරණය නොදැන...
මේක පුදුම ලෝකයක් ?
ශ්රී ජයවර්ධනපුර ඉස්පිරිතාලෙ නොමේරු ළදරු ඒකකයෙන්..., එම දරුවා මාරු කරේ ඇයි කියන එක ලොකු ගැටළුවක්...
මනෝවිද්‍යාඥයින් පවසන පරිදි දෙමාපියන්ගේ මේ ප්‍රතිචාරය denial අවදියයි. එනම් විශාල කම්පනයකදී, උදාහරණක් ලෙස මේ මරණයේදි, ඒ තම පුතා නොවන බව විශ්වාස කිරීම, නොදැනුවත්වම තමුන් තමන්ටම බොරුවක් පැවසීමයි. දින කිහිපයකින් ඔය තත්වය මඟ හැරේවි.
මාරු කිරීමක්ද කළහැකි අවස්තාවක් නිසා හරියටම ප්‍රශ්නය විසඳෙන තෙක් අපද බලා සිටින්නෙමු
හරියටම පරීක්ෂණයක් නොකර නිගමනය කරන්න අමාරුයි. ඩීඑන්ඒ පරීක්ෂණය සියල්ල විසඳාවි. දරුවකු මිය යාමෙන් ඇති වන දුක, වේදනාව නිසාත් මෙහෙම ප්‍රකාශ සිදුවූ අවස්ථා තිබෙනවා. සත්‍යය අනාවරණය වීමෙන් පසුව එයද ප්‍රසිද්ධ කිරීම මාධ්‍යයේ වගකීමක්.
DNA පරීක්ෂණයක් කරන්න, එය පරීක්ෂා කිරීම සරලයි
අවුරුදු 70ක් තිස්සේ අතින්අත මාරු වෙමින් තිබූ ජාතියක් ලෙස වෙන යමක් බලාපොරොත්තු විය නොහැක... ලංකාවේ කොහේවත් මැරිච්ච හරි, හොඳ හරි මාරු කරන්න පූළුවන් බබාලා කොහෙද ඉන්නේ?