( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
මෙරට අධ්‍යාපනයේ අභිවෘද්ධිය හා සුබසාධනය අරමුණ කොට ගෙන පිහිටුවන ලද ‘මුඩ්ලියර් දොන් කරෝලිස් හේවාවිතාරණ ඉන්ඩස්ට්‍රියල් ශිෂ්‍යත්ව භාරය’ මගින් රුහුණු විශ්වවිද්‍යාලයේ තෝරා ගත් සිසු සිසුවියන් 30 දෙනෙකු සඳහා මුල්‍යමය ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවක් කොළඹ 02, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (11) පැවැත්විණ.
1906 වර්ෂයේ දී මහාදානපති මුඩ්ලියර් දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා විසින් ආරම්භ කරන ලද මෙම භාරය මෙරට උසස් අධ්‍යාපනය හදාරන දරුදැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩසටහන් කිහිපයක්ම මේ වනවිට ක්‍රියාත්මක වේ.
මුඩ්ලියර් දොන් කරෝලිස් හේවාවිතාරණ ඉන්ඩස්ට්‍රියල් ශිෂ්‍යත්ව භාරයේ භාරකරු , ගංගාරාම විහාරවාසි ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ ඇතුළු මහසඟරුවන ද රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේ ෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන, ආචාර්ය අමිල සිරිසේන , කථිකාචාර්ය සොනාලි දසනායක , මුඩ්ලියර් දොන් කරෝලිස් හේවාවිතාරණ ඉන්ඩස්ට්‍රියල් ශිෂ්‍යත්ව භාරයේ සෙසු භාරකරුවන් වන සිංහ වීරසේකර , මහේන් වීරසේකර සහ නීතිඥ උදාර තිලකවර්ධන යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථවට එක්ව සිටියහ.
රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ශිෂ්‍යත්ව ලාභීන් 30 දෙනා සංකේතවත් කරමින් සිසු දරුදැරියන් 05 දෙනෙකු වෙත මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිණි .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අස්සජි ස්වාමීන් වහන්සේට පින්සිදු වේවා...!!! උන්වහන්සේ කරන සමාජ සේවය අනෙකුත් භික්ෂූන් වහන්සේලාටත් ආදර්ශයකි...
නෝනා පන්සලක ඔබින ඇඳුමක් ඇඳගෙන ආවානම් තමයි හොඳ...
ඔයා මොනවටද ඕවා බලන්නේ..?