IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රුහුණු සරසවි වෛද්‍ය පීඨ සිසුන් 263කගේ පන්ති තහනම්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට කොන්දේසි පනවමින් අපහසුතාවයට පත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තෙක් එහි වෛද්‍ය පීඨයේ සිසුන් 263 දෙනකුට කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කල බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පැවසීය.

එම පීඨයේ දෙවන වසරේ ශිෂ්‍ය කණ්ඩායමක් මෙම තහනමට ලක්ව සිටින බව දැන ගන්නට ඇත.

නවක සිසුන් පිලි ගැනීම සදහා පැවති උත්සවයේ දී න්‍යාය පත්‍රයේ සදහන්ව තිබු පීඨාධිපතිවරයාගේ කතාව ඉන් ඉවත් කර එකගතා කඩ කිරීම,නවක සිසුන්ට දිග කලිසම් අත් දිගට කමිස ඇද ගෙන ටයි හා සපත්තු පැලද පැමිණීමට ද නවක සිසුවියන්ට සාරිය ඇද මේ කප් කර කොණ්ඩය සකසා ගෙන පැමිණීම අනිවාර්ය කිරීම ආදී ක්‍රියා සිදු කිරීම අදාල ශිෂ්‍ය කණ්ඩායමට එල්ල වී ඇති චෝදනා අතර වේ.

රටේ පවතින තත්වය තුළ ඒ ආකාරයට ටයි ගැනීමට,කොණ්ඩය සකස් කිරීමට,රූපලාවන්‍ය කිරීමට අමතර වියදමක් දැරීමට සිසු සිසුවියන්ට හා ඔවුන්ගේ මාපියන්ට අපහසු බවත් එම නිසා කලින් ඇති කර ගත් එකගතා කඩ කිරීම මත විමර්ශනයක් පවත්වන බවත්  උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා කීය.

අදාල විමර්ශනයේ දී යම් හෙයකින් නවක වධය දී ඇති බව හෙලි වුවහොත් එම සිසුන් ශිෂ්‍ය භාවය අහෝසි කර විශ්ව විද්‍යාලයෙන් නෙරපීම වැනි දැඩි දඩුවම් පැමිණවීමට තමා කිසි විටෙක පසු බට නොවන බවද ඒ මහතා සදහන් කළේය.

 



අදහස් (6)

රුහුණු සරසවි වෛද්‍ය පීඨ සිසුන් 263කගේ පන්ති තහනම්

Gamini Tuesday, 11 October 2022 01:22 PM

ඔය වගේ දේවල් කරන්නේ වැරදි පිලිසිදගැනීම් වලින් ඇතිවෙච්ච ළමයි තමයි ඉතින්

:       0       18

දඬුවම Tuesday, 11 October 2022 01:26 PM

සෑම විශ්ව විද්‍යාලයකම නවක වධය දෙන ඒ සෑම සිසුවෙක්ටම ඒ වසරේ අවසාන විභාගය කරන්නට ඉඩ නොදී තව අවුරුද්දක් ඉගෙන ගන්නා කාලයට එකතු කරලා දඬුවමක් දෙන්න.... එවිට කල වරද ඇඟටම දැනේවි..!

:       1       39

පිටරැටියා Tuesday, 11 October 2022 03:36 PM

ඉගෙන්ගන්ඩ ආවනම් ඒක හරියට කරගන්ඩ එපැයි .කිසිම සිෂ්ට සම්පන්න රටක මෙහෙම දේවල් සිද්ද වෙන්නේ නැහැ .ලැජ්ජයි අපේ රට ගැන.

:       0       9

කිරිපුතා Tuesday, 11 October 2022 04:23 PM

ආදර්ශයක් ලෙස යම් යම් සිසුන් කණ්ඩායම කට දැනෙන දඬුවමක් දුන්නේ නම් මේ නරක මානසික ව්‍යාදී තත්ත්වය පහව යා හැකියි.

:       0       10

චන්දන Tuesday, 11 October 2022 04:56 PM

මෙතෙක්කල් කරාපිටිය නොතිබුණු දෙයක් . වෛද්‍ය පීඨ සිසුන් ඉතා හොඳින් හැසිරුණේ . මෙම වෙනසට ඉඩ දිය යුතු නැහැ . දැඩි පියවර අරගෙන විනය ආරක්ෂා කරන්න .

:       0       3

kumara hemachandra Tuesday, 11 October 2022 05:53 PM

excellent decision.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site