
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
ඊට සහාය පල කරමින් මහා ශිෂ්‍ය සංගමය ඇතුළු විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ද උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුහ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දේශන හා විභාග කටයුතු ඇන හිට තිබෙන අතර විශ්ව විද්‍යාලය පවත්වාගෙන යාමට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.අත්තනෝමතිකව කටයුතු කරන උපකුලපතිවරයා ඉවත් කරන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව වෘත්තීය සංගම් ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා විදිහට මෙම උපකුලපතිතුමා රුහුණ හදලා ගත්තා. නවක වදය නැති කළා. හොරකම් නැති කළා. විනය හැදුවා. ඒවාට අකමැති අය වෙන්න ඇති මේ බැහැලා ඉන්නේ....!
තරමට වැඩි වෘත්තීය ක්‍රියාමාර්ග. නතරකළ යූතු නේද?
ඔය සරසවියේ පහුගිය කාලේ නවක වධයට එරෙහිව දැඩි පියවර ගණනාවක් ගත්තා. ඒ වගේම අනවශ්‍ය වියදම් ගණනාවක් කප්පාදු කරලත් තියෙනවා.
දැන් පේනවා නේද උතුරු කොරියාවේ වගේ වෙනත් මතයක් දැරීම ක්‍රමයෙන් තහනම් කරන්න පියවර තබනවා කියලා...