(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
රුහුණ විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ පා ගමනක් අද (14) ගාල්ලේදී පැවැත්විණි.
පාලකයිනි, ප්‍රතිපාදන වෙන්කර සම සෞඛ්‍ය විද්‍යා පීඨ සංකීර්ණය ස්ථාපිත කරනු, නිදහස් සෞඛ්‍ය සේවාව පුළුල් කරනු, සම සෞඛ්‍ය පීඨය සඳහා මානව සහ භෞතික සම්පත් වහා ලබාදෙනු, කල්මැරුවා ඇති හෙද පාඨමාලාව හෙද සභාව තුල ලියා පදිංචි කරණු යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම පා ගමන ගාල්ල මහමෝදරින් ආරම්භවිය.
මෙම පා ගමන සඳහා සම සෞඛ්‍ය පීඨ විද්‍යා පීඨ සිසු සිසුවියෝ රැසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට නෙවෙයි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉස්සරහට ගිහින් උද්ඝෝෂණය කරපල්ලා.. එයාලනේ හෙද පාඨමාලව අවුරුදු 4 කරනවට විරුද්ධ වුනේ.. ආණ්ඩු භෞතික සම්පත් කොහොමත් දෙනවා.. දෙන්න ලෑස්ති නිසාමයි උද්ඝෝෂණය කරන්නේ.. එතකොට අපි උද්ඝෝෂණය කරපු නිසා මේවා ගත්තා කියන්න පුළුවනිනේ. සම සෞඛ්‍ය අධ්‍යාපනය සම්පූරුණයෙන් විනාශ කරන්න කටයුතු කරන්නේ වෛද්‍යවරුද..? ඒ අය එක්ක බොරුවට ගිහින් ඒ අයටම කඩේ ගිහින් වැඩේ විනාශ කරගත්තානේ..