(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ලේ අක්මීමණ රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඊයේ (26) රාත්‍රී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 14 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස ඇතුළත් කර ඇත්තේ විද්‍යා පීඨයේ නේවාසිකව ඉගෙනුම ලබන සිසුන් පිරිසකි. තුවාල ලැබූ සිසුන් පවසන්නේ මීට පෙර එම පීඨයේ අධ්‍යාපනය හදාරා දැනට සීමාවාසික පුහුණු ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත කර සිටින පිරිසක් හදිසියේ මනේවාසිකාගාරයට පැමිණ තමන්ට පහරදුන් බවයි.
කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් විද්‍යා පීඨය වසා දමා තිබිය දී ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකළ බැවින් නවකවදය දීමට නොහැකි වූ බැවින් ඒ සඳහා පැමිණි බව පවසමින් මේ ගැටුම ඇතිකරගත් බව ද තුවාල ලැබූ සිසුන් පවසයි.
නේවාසිකාගාරයට පැමිණි සීමාවාසික සිසු පිරිස නවක සිසුන්ගේ ජංගම දුරකථන ඔවුන්ගේ බාරයට ගෙන වදදීම ආරම්භ කළ බවත් එහි දී ඇති වූ බහින් බස්වීම්වලින් පසු පහරදුන් බවත් නේවාසික සිසුහු පවසති.
රුහුණ විද්‍යා පීඨයේ ප්‍රකාශකයෙක් කීවේ ඊයේ(26) රාත්‍රී 50ක පමණ පිරිසක් විද්‍යා පීඨයේ වැට කඩාගෙන ඇතුළු වී ඇති බවයි.
අක්මීමණ පොලිසිය සඳහන් කලේ මේ සම්බන්දව තවම පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
රුහුණු අධ්‍යාපන පීඨයේ සිසුනට පරණ සිසුන් පහරදීලා
Sunil Sunday, 27 November 2022 11:15 AM
මේ විද්‍යා පීඨවලින් බිහිවන ගුරුවරුන්ගේ විනය ගැන කවර කතාද? රටේම නැහැදිච්ච කමයි ඉන් පිළිබිඹු වෙන්නේ...!
kamal Sunday, 27 November 2022 01:59 PM
මිනීමරලා ගියත්, පැමිණිල්ලක් නැතිනම් පොලිසිය උඩ බලාගෙන සිටී.
ගමේ එකාලා Sunday, 27 November 2022 03:26 PM
මේ වගේ අසික්කිත විදියට හැසිරෙන අය ලෝකයේ කොහේවත් නැතුව ඇති... ලැජ්ජයි..,
චන්දන Sunday, 27 November 2022 03:28 PM
මේ වගේ අය තමයි ගවුම් ඇඳගෙන, කලිසම් කොට ඇඳගෙන ඉස්කෝලේ යන්න ඉල්ලන්නේ... උගන්වන්නෙත් වැරැදි විදියට...
damayanthi galagedara Sunday, 27 November 2022 04:25 PM
ගුරුවරු වෙන්න ඉන්න අයත් මෙහෙම නම් හැසිරෙන්නේ දරුවන්ට දෙයියන්ගේම පිහිටයි.