
ඇෆ්ගන් තලේබාන් රජය නිල වශයෙන් පිළිගන්නා බව, රුසියාව පවසයි. තලේබාන්වරුන්, ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගෙන, නව රජයක් පිහිටුවූයේ 2021 දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් අනතුරුවය.
තලේබාන්වරුන්ගේ නව රජය ක්‍රියාත්මක වන්නේ ෂරියා නීතිය යටතේය. බාලිකා අධ්‍යාපනය තහනම් කිරීමටත්, කාන්තා නිදහස අහිමි කිරීමටත් තලේබාන්වරුන් ෂරියා නීතිය යටතේ කටයුතු කර ඇත.
ඇෆ්ගන් තලේබාන් රජය ඇමෙරිකාව සමඟත්, ඉන්දියාව සහ චීනය ආදී රටවල් සමඟත් යහපත් සබඳතා පවත්වයි. කෙසේ නමුත් ඒ කිසිදු රටක් ඇෆ්ගන් තලේබාන් රජය නිල වශයෙන් පිළිගෙන නැත. ඒ අනුව, ඇෆ්ගන් තලේබාන් රජය නිල වශයෙන් පිළිගත් පළමු රට වන්නේ රුසියාවය. රුසියාව, ඇෆ්ගන් තලේබාන් රජය නිල වශයෙන් පිළිගෙන ඇත්තේ නෛතික තත්ත්වයන් සියල්ල සැලකිල්ලට ගනිමිනි.
රුසියාවේ මොස්කව් අගනුවර ඇෆ්ගන් තානාපති කාර්යාලයක් පිහිටුවීම ද සිදුවනු ඇතැයි ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත් කළ රුසියන් තානාපති දිමිත්‍රි සිමෝව් පවසයි. රුසියන් තානාපති දිමිත්‍රි සිමෝව් සහ ඇෆ්ගන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකී අතරේ අවස්ථා ගණනාවකදී සාකච්ඡා පවත්වා ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලය මැවූ වෙනසක අරුමේ. 70 ගණන් වල රුසියන් කාරයෝ ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කරලා ඒ රට විනාශ කළා. ඒ වගේම ලක්ෂ ගානක් මිනිස්සු මැරුණා. රුසියාව සෝවිය දේශය බංකොලොත් වෙන්නත් ඒ යුද්ධය හේතු වුනා. අද උන් යාළුවො! ලංකාවේ උන් වගේම තමයි. ජවිපෙ විජේ කුමාරතුංග මැරුවාට චන්ද්‍රිකා කුමාරතුංගට ඔවුන් එක්ක ඇමතිකම් බෙදාගෙන ආණ්ඩු කරනන ලජ්ජා හිතුනේ නැහැ. ජවිපෙට එජාපය එක්ක යහපාලන ආණ්ඩු කරන්න ලජ්ජා හිතුනෙත් නැහැ
රුසියාවත් හරක් වැඩ කරන වගට සාක්ෂියක්...