(යොහාන් භාසුර)

රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පළතුරු ඉදවීමෙන් පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට විය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කමිටුවක් පත්කර තිබේ.

මෙම රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳව මෙතෙක් පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත් එම රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් සකස් කිරීම එම කමිටුවේ වගකීම බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එම කමිටු වාර්තාව සෞඛ්‍ය කමිටුවට සහ එම අමාත්‍යාංශයේ ආහාර උපදේශක කාරක සභාවට යොමු කිරීමට නියමිතය.