
(අංජුල මහික වීරරත්න)
රසායනික පොහොර නැව් තුනක පොහොර ගොඩබෑමේ කටයුතු මේ වන විට කොළඹ වරායේ දී සිදු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
USAID සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් දිස්ත්‍රික්ක 08ක අක්කරයට වඩා අඩු කුඹුරු ඉඩම් හිමි අඩු ආදායම්ලාභී පවුල් 193,000කට නොමිලයේ ලබාදීම සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 9,300ක් අද (05) දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාර දුන්නේය.
මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය බණ්ඩි පොහොර සම්පූර්ණ ප්‍රමාණයම රැගත් නෞකාවක් මේ වන විටත් කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන බවද එම බණ්ඩි පොහොර තොගය කොළඹ වරායේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත නිල වශයෙන් බාර දීමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.
මෙම නැවේ අඩංගු බණ්ඩි පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 41,876කි. වී වගාවට අත්‍යාවශ්‍යම වන බණ්ඩි පොහොර අද දින සිටම රට පුරා බෙදා හැරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රසායනික පෝර නැව් තුනක් කොළඹ වරායේ