( ටී.කේ.ජී.කපිල )
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම කොළඹ වානිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් යානය අද (2) දහවල් සිට කටුනායක ගුවන් තොටුපළ තුළ නවතා දමා තිබේ .
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානය අද (2) උදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්පසුව මෙම ගුවන් යානය අද (2) දහවල් 12.50 ට යළිත් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි .
ඒ සදහා ගුවන් මගීහු 200 කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
ඒ අතර කොළඹ වානිජ මහාධිකරණය විසින් කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී වෙත මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම තහනම් කරමින් නියෝගයක් ලැබී තිබේ .
ඒ අනුව මෙම ගුවන් ගමන අත්හිටුවා ඇති අතර , මෙම ගුවන් ගමන සදහා පැමිණි ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ අවට සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.
මේ වනවිට මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී ඇතුළු උසස් නිලධාරීන් , එරොෆ්ලොට් ගුවන් සේවයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද සාකච්ඡා පවත්වමින් සිටින බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි අස්සේ බලි කියලා නාන්න හදන්නේ...!
ඩියුටි – ෆ්‍රී මත්පැන් මිල අඩු කරන්න. රට ඉඳන් එද්දී ගේන්න පුළුවන් ලීටර් ගාණ වැඩි කරන්න. එතකම් ඩොලර් ශතයක් අපි එවන්නේ නෑ.
අනුන්ගේ දේවල් වලට අපි මොකටද අත දාන්නේ..?
මෙන්න තවත් මෝඩ තීරණයක්...
මේ උත්සාහය රුසියාව තාවකාලිකව තරහ කරගැනීමටද? මොකද එවිට ඩොලර් 35 ට බොරතෙල් ගන්න වැඩේ කවදාවත් කරන්න වෙන්නේ නැහැ. දේශපාලකයින්ට ඩොලර් 100 ගානේ බොරතෙල් අරගෙන කොමිස් ගහන වැඩේ ජයටම කරගෙන යන්න පුළුවන්...
මේ කිරිමට අදිකරනය තීන්දු කලේ මන්දැයිදැයි නොදන්න නිා මෙ ගැන අප විමසිල්ලෙන් බා සිටිමු. රුසියනු ජනාධිපති පුටින් සමග ගෝටාටාභය උදයංග වීරතුංග වනි අය තිබෙන සමීප සබදතා නිා මෙය පහසුවෙන්ම ලිස්ස යාමට පුලුවන්, ඉන් පසුව ානය ගුවන් ගත වෙනව නිසකයි. රුසියව අපට ලබාදීමට පොරොන්ඩුවි තිබෙන ඉන්දන සඳහා ගෙවිමට ලංකාවට ඇතිවෙන්න "රුබල්" තිබෙද ? යුක්‍රේන ආක්‍රමනයෙන් පසුව රුසියවට එරෙහිව පනවා තිබෙන සම්භධක නිාත්, අපට දැනට "ඩොල්ලර්" අහේයක් රට තුල තිබෙන නිසාත්, රුසියනු තෙල් මෙරටට ලගාවීම අවිනිශ්ත බව නම් පැහැඩිලියි. එ ආක්‍රමන, ාහෙට අහන්නෙ නති එකදිපති පුටින් දිගඩුර මිසයිලයක් දෙකක් ලංකාවට එවුවොත් නිකම්ම ඔය හිරකරගෙන තිබෙන ඈරොෆ්ලොට් යනය ගුවන්ගත වෙනවමයි ! ! !
මේ ප්‍රවෘත්තියේ කොතැනක වත් නැහැනේ මොන හේතුව නිසා ද ගුවන් යානයට තහනම් නියෝගයක් පැනෙව්වේ කියලා. ඇයි ප්‍රධාන පෙලේ පුවත් පතක් වෙලත්, අසම්පූර්ණ ප්‍රවෘත්ති පළකරන්නේ?
හෙතුවක් සදහන් කර නොමැත. ලංකාවත් රුසියවට සම්බාදක පනවලද ? නත්නම් අමෙරිකවට , ඉන්දියාවට කඩෙ ගිහිල්ලද ? අපිටනම් ඉල්ලගෙන කන්න බෑ හොදේ.
නියම නිවුස් ඒකක් , කෝ හේතුව,,, පිස්සුවකට නවත්තා ගත්තද......
නීතීඥ්ඥ සංගමේ උන් ටික ගෝල්පේස් එකේ එක තැනකට එකතු කරල තියල පුටින්ට ලොකේශන් එක යවමුද ?
සිරාවට, මේ නීතිඥ සංගමය මොකාටද එන්න හදන්නේ? මොකක් හරි කොමිසමක් ඕන වෙනවා ඕක නියාමනය කරන්න.
රුසියාවෙන් අපිට කෑම ලැබෙයි වගේ.
ගුවන් යානයේ ලීසිං ප්‍රශ්නයකට නවත්තගෙන තියෙන්නේ...!