
රුසියාවේ සිට යුරෝපය දක්වා ස්වභාවික ගෑස් සැපයීම සඳහා ඉදි වූ නළ මාර්ගය සඳහා ජර්මනිය නෝර්ඩ් ස්ට්රීම් 2 සහතිකය තාවකාලිකව අත්හිටුවූ බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රුසියාව ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්කා ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමත් යුක්රේනයේ ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුව වෙත රුසියානු හමුදා සාමය ආරක්ෂා කිරීම සඳහා යැවීමට ගත් තීරණයත් සමග නොර්ඩ් ස්ට්රීම් 2 ගෑස් නලයේ ඉදිකිරීම් කටයුතු අවසන් වී ඇතත් එය අනුමත කිරීමේ ක්‍රියාවලිය ජර්මනිය විසින් අත් හිටුවා ඇත.
නොර්ඩ් ස්ට්රීම් 2 යනු රුසියාවේ සිට යුරෝපය දක්වා ස්වභාවික ගෑස් සැපයීම සඳහා ඉදි වූ නළ මාර්ගයකි. එම නළ මාර්ගය දිව යන්නේ ජර්මනිය හරහාය එම නිසා ජර්මනියේ අනුමැතිය මේ සඳහා අත්‍යාවශ්‍ය වේ. මෙම නළ මාර්ගය සඳහා ජර්මනිය විසින් සිදුකරන අවසර දීමේ ක්‍රියාවලිය රුසියානු - යුක්රේන වාතාවරණය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙ කොහෙත් කරන්නේ මහජනතාව දුකට හෙලීමයි. පහර ගැසීමක්මයි...