ඉකුත් සෙනසුරාදා යුරෝපයේ දිගම පාලමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිටිපස සිටි මහා මොළකරු යුක්රේන බුද්ධි අංශ අණදෙන නිලධාරී කිරිල් බුඩනොව් බව රුසියානු බුද්ධි අංශය චෝදනා කළේය.
මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු රුසියානු ආරක්ෂක අංශ හඳුනා ගෙන ඇති අතර ඉන් 8 දෙනෙකු දැනටමත් අත් අඩංගුවට ගෙන ඇතැයි රුසියානු බුද්ධි අංශ සඳහන් කළේය. එහිදී මෙම සිද්ධිය සැලසුම් කර ඇත්තේ යුක්රේන බුද්ධි අංශ අණදෙන නිලධාරී කිරිල් බුඩනොව් බව අනාවරණය කර ගත් බව රුසියානු බුද්ධි අංශය පැවසුවේය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර රුසියානු ජාතිකයන් 5 දෙනෙකු සහ විදේශිකයන් 3 දෙනෙකු සිටින බව රුසියානු බුද්ධි අංශ ප්‍රකාශ කළේය. ප්‍රහාරයේ පුපුරණ ද්‍රව්‍ය යුක්රේනයේ ඔඩෙසා නගරයේ සිට සැකකරුවන් නැව් මාර් ගයෙන් ගෙනවිත් තිබෙන බව රුසියානු බුද්ධි අංශය පෙන්වා දුන්නේය.
අගෝස්තු මාසයේදී යුක්රේනයේ ඔඩෙසා නගරයෙන් පුපුරණ ද්‍රව්‍ය රැගත් නැව පිටවී ඇති අතර බල්ගේරියාව සහ ජෝර් ජියාව හරහා ආර් මේනියාවට පැමිණ ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය කර ගත් බව රුසියානු බුද්ධි අංශය ප්‍රකාශ කළේය.
ආර් මේනියාව සහ රුසියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ක්‍රියාත්මක වන බැවින් ඉතා පහසුවෙන් එම පුපුරණ ද්‍රව්‍ය ආර් මේනියාවේ සිට රුසියාවට ගෙනවිත් ඇතැයි රුසියානු බුද්ධි අංශය පෙන්වා දුන්නේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියා පාලමට එල්ල වූ ප්‍රහාරය පිටුපස යුක්රේන බුද්ධි ලොක්කා
හේරත් Thursday, 13 October 2022 08:01 AM
බලලා මල්ලේන් පනින තුරු හේතුව සොයා ගන්න විදිහක් නැත්ද?