
(සුජිත් හේවාජුලිගේ)
දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතාගේ මාස දෙකක වැටුප ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට නිවාස සාදා ගැනීම වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර ඇත.
ආපදාව වෙනුවෙන් වැය කිරීමට මහා භාණ්ඩාගාරයේ ප්‍රමාණවත් මුදල් නොමැති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති හෙයින් ජනතාවට නිවාස සාදා ගැනීම සඳහා මෙලෙස වැටුප් පරිත්‍යාග කරන බව පැවසූ මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලේ ඇති මුදල් ද මේ සඳහා යොදවන ලෙසට ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා...
කාලගුණයෙන් දේශපාලනය කිරීම ඔය තුට්ටු දෙකෙන් මොන ආධාරද? ඔයිට වඩා මිනිස්සු සල්ලි දෙනවා...
ඉතාමත් වටිනා ආදර්ශමත් ක්‍රියාවක්, මෙය සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රි,මැති ඇමති සැමට වගේම සෙසු සෑම තැනකම සුවිශේෂි අවධානයට ලක්වේවා..! බොහෝම ස්තූතියි මන්ත්‍රී තුමණි.
තමුන් කරන දේ මාධ්‍යයට කියන්නේ නැතිව කරන්න.
මාඩුමාවේ අපිත් බලාන ඉන්නේ හිල් වෙච්චි ඇදුම් ටික මාරු කර ගන්න.
රුපියල් සත අගය නොකරන්නේ ඔබ වැනි අය වැඩි වැඩියෙන් බිහිවේවා. බොහෝම ස්තුතියි මේ කළ පරිත්‍යාගයට...
ජෙප්පන් ඩිස්ලයික් දාලා ගිහින්, පැලවත්තේ අරමුදලට කෙළවෙයි කියලා වෙන්න ඇති..