(ඉන්දිකා රාමනායක)
රිමාන්ඩ් බන්ධනාගාරගතව මැගසින් බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ජංගම දුරකථනය ලබා දී ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ රාජකාරි කරන ජේලර්වරයකු බවට හෙළිවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
බුද්ධි අංශ මගින් මේ සම්බන්ධ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විනය පරීක්ෂණයට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි අදාල ජේලර්වරයා මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇති බවද චන්දන ඒකනායක මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකද දඬුවම.?
මෙවන් කාලකන්නින්ට දඬුවම් ලබාදෙන තෙක් තාවකාලිකව හෝ මාරුකර යැවීමත් අප දකින්නේ වැරද්දක් ලෙසටයි. නිසි පරීක්ෂණයක් කරන කම් වැඩ තහනම් කළ යුතු නොවේද...? වැරදිකරු නම් නියත වශයෙන්ම සේවයෙන් පහ කළ යුතුමයි. එවිට අනෙකුත් තක්කඩින්ටත් උණ ගැණෙනු ඇත...
අපූරු නීතිය ... දුරකථනය දුන්න ජේලර්ව වහාම වැඩ තහනම් කොට නේද පරීක්ෂනය තියන්න ඕනෑ. ඒත් මොකද එසේ නොකොට මාරුවීමක් ලබා දුන්නේ. පේනවා නේද බන්ධනාගාර ඇතුලේ තියෙන සත්‍යය.
හිරමනේ හඳට යැව්වත් කරන්නේ පොල් ගාන එක.
මාරු කෙරුවේ කාගේ බල පෑමක් නිසාද.? මොහු කර ඇත්තේ බරපතල වරදක්.
වැඩියෙන්ම වැරදි කරන්නේ මෙයාලානේ, ඉතින් කොහොමද රටක් හදන්නේ.
නියම දඬුවම.
මේවා දඬුවම්ද? මේවා විහිලු, ඔය කරපු වැරුද්ද කොයිතරම් බරපතලයිද? ඔය යෝධයාගේ මාස 3ට වත් වැඩ නැවැත්විය යුතුයි.
රිෂාඩ්වත් වව්නියාවට මාරු කළා නම්, සංහිඳියාවෙන් ඉන්න තිබුණා...
මොකටද මාරු? සේවය අත්හිටුවන්න වහාම. ලංකාවේ නීති හුරතල් වෙඩි, ඒකයි කම්කරුවගේ ඉඳන් ප්‍රශ්න...
බන්ධනාගාරවලට අධීක්ෂණ මන්ත්‍රී කෙනෙක් නැතිද? එයා අතේ වුණත් දූරකථන යවන්න පුළුවන්...
සමහරවිට මේ ජේලර්වරයාගෙ ගම වව්නියාව වෙන්න පුලුවන්.
වවුනියාවටත් දුරකථන ඕඩරයක් ඇවිත් තියනවා ද?
වවුනියා ගිහිල්ලත් ඕකම කරාවි එතකොට ආපහු කොළඹ මාරු කරනවද.?
ඕකද කොමසාරිස් තුමාගෙ මහලොකු දඬුවම
නියම දඩුවම කියල වැඩක් නැහැ වරදකරැවෙකුට උදවි කරාම මාරැ කරන එකද නිතිය මෙවිව බලන අපිත් මෝඩයො ඇත්තටම මෙිකයි අද රටෙි නිතිය
මෙයා මේක නිතරම කරන දෙයක්. අස්කල යුතුයි.