(මනෝජ් හර්ෂික)
ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට තමන් සහාය පලකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම,සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (01) පැවැසීය.
මන්නාරම අගරදගුරු ෆෙටලිස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා සමඟ මන්නාරමේ අගරදගුරු නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කතෝලික ජනතාවට සිදුවූ විපත පිළිබඳව සිය කණගාටුව පළකිරීමට අමාත්‍යවරයා කටයුතු කළ අතර ත්‍රස්තවාදය කිසිවිටෙක අනුමත නොකරන බවත් ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට සහාය පළකරන බවද වැඩිදුරටත් කීය.
එහිදී අමාත්‍යවරයා මන්නාරමේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව ද මන්නාරම අගරදගුරුතුමන් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා හදන්නේ ෂේප් එකක් දා ගන්න. අහුවෙන්න එපා අගරදගුරුතුමනි. අපි නම් නයි වෛරයි...
අගරදගුරු පියතුමනි..!! දේශපාලන කතා විශ්වාස නොකර වෙන හැම අකටයුත්තක්ම හොඳින් විමර්ශනය කර මහජනතාව දැනුවත් කරන්න. මේ රට සන්හිඳියාවේ එකම මග එයයි...
ඔය අරයා මෙයා නෙමෙයි, පුළුවන් නම් අගරද ගුරුතුමා හම්බ වෙලා පෙන්නන්න...
මේ හම්බයාට කර්මාන්ත ඇමතිකම දෙන්න තරම් මේ රට බංකොලොත්ද?
මේ හම්බයා විශ්වාස නොකරන්න. ඔබ වහන්සේ හමුවන්න ආවේ අපව රවටීමටයි. මොහුගේ ලුණු, ගොරකා මදි අපිව තම්බන්න.