
රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබීය.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව නිරෝධායනයට යොමුකර රිමාන්ඩ් කර සිටි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අද (22) පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගීවීමට අවස්ථාව දෙන ලෙස විපක්ෂය කළ ඉල්ලීමක් අනුව කථානායකවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලදි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධන කෙටුම්පතට ඡන්දය අද (22 වැනිදා) විමසන බැවින් බදියුදීන් මහාතාගේ ඡන්දය තීරණාත්මක බවක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැක්ක කවුදෝ අහල තියෙනවා " විල්පත්තුවේ ඉඩම් පෙන්වන්න කියල එක්කන් ගිහිල්ල නයෙක් ගැහුවා කියල කියන්න බැරිද " කියල. පුදුම කතා තමයි මෙව්වා.
මාංචු පිටින්ද ගෙනෙන්නේ...?