
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතාට අද (22) සහ හෙට (23) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර ලබාදී තිබේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ දිනයේ (21) පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී මෙම තීරණය ගනු ලැබ තිබේ.
රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී කර ගන්නා ලෙස විපක්ෂයේ මන්ත්රීවරු කතානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගෙනත් පාර්ලිමෙන්තුවටම කොරෝනා ආවොත් හරිම සතුටුයි.
මේවා තමයි ලෝකේ හිනස්සන විහිළු.
ගෙන්වන්න ඕනනේ 20 ට පක්ෂව ඡන්දේ දෙන්න. කොහොමද මොලේ.
රටක උත්තරීතර ස්ථාන කීපයකින් එකක් එම රටේ පාර්ලිමේන්තුව. එවන් ස්ථානයකට වැරදිකරුවෙකු හෝ සැකකරුවෙකු, මහජන දේපොළ අවබාවිතා කරපු අය හිරගෙවල් වල සිටීම රැගෙන එන ලෝකයේ තිබෙන එකම එක රට අපගේ මාතෘබුමිය වීම මොනතරම් ඛේදවාචකයක්ද..?