(නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා ය .
ඒ අනුව මාස පහකට අධික කාලයක් සැකකාර හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට සැකකරු ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd