
(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
මිනිසුන් බේරන්න ගියොත් අයි.එම්.එෆ් තරහ කරගන්න සිදුවන බව කියා ඇති ජනාධිපතිවරයා අයි.එම්.එෆ් තරහ උනොත් රටේ ආර්ථිකය අන්ත අගාධයකට ඇද වැටෙන බව සඳහන් කර ඇත.
තමාගේ මූලික අරමුණ වූයේ රටේ ආර්ථිකය බේරා ගැනීම බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැඩි කොන්දේසි පැනවීමේ අරමුණ ද රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම බව පෙන්වා දී තිබේ.
ජනතාව ඒ සත්‍ය කාරණය වටහා ගත යුතුව තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා පැවසීය.
කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ එජාප නිලධාරී හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව රැව්ලද? කැඳද? නැත්නම් දෙකමද? කියලා ඉදිරි මහ මැතිවරණයේදී නැවත තීරණය කරයි. ඔහේ පව් නොදී ගෙදරට වෙලා සාගලයත් එක්ක පවුල් ජීවිතේ ගතකරන්න. මම මහළු වයසේ... මට බැරිය පෙර සේ...!
ලංකාවේ මිනිස්සුන්ට ඔව්ව තේරෙන් නෑ, අවශ්‍ය ආර්ථික හා දේශපාලන අධ්‍යාපනක පසුබිම පාසල් අධ්‍යාපනයෙන් නොලැබෙන නිසා වෙන්ඩ පුළුවන්. යම් යම් විෂය ක්ෂේත්‍ර වල ඉහලටම ගිය පිරිස් වලට වුවත්, ආර්ථික දේශපාලනික අවබෝධයක් නෑ, නමුත් ඔවුන් තමන් එක් ක්ෂේත්‍රයකින් ලබා ගත් කීර්ති නාමය පාවිච්චි කරල නොදන්න ක්ෂේත්‍ර ගැන දේශනා කරනව, මිනිස්සුත් පිළිගන්නව දැන උගත් කම් තියෙන කෙනෙක් නේ කියල, නමුත් ඉගෙන ගෙන තියෙන්නෙ එක ක්ෂේත්‍රයක් නම් දේශනා කරන්නෙ තව ක්ෂේත්‍රයක් නම්, අදාල දේශකයාගේ දැනුම කිරි කපන්නෙකුගෙ දැනුමට වැඩි නෑ.
ඔයාගේ සමුගැනීමේ කතාවට අනුව ඔයා තමයි උද්ධමනය පාලනය කරන්න පියවර අරන් තියෙන්නේ. ඊට අමතරව ඔයාම තමයි සංචිත ප්‍රමාණය ඉහල දාල තියෙන්නෙත්. ඊට අමතරව ඔයා තමයි ඩොලර් එක පල්ලෙහාට ගෙනල්ල තියෙන්නෙත්. දැන් බලපුවාම ස්වාධීන කරපු මහ බැංකුවට පැවරිලා තියෙන ප්‍රධාන ඉලක්ක ටික මුදල් ඇමති විදිහට ඔයානේ කරල තියෙන්නේ.
රනිල් මහත්තයට වැරදිලා වගෙයි... රටක බදු ගැහුවට ජනතාව අමනාප නැහැ... ජනතාව ඒ ගෙවන බදු වලින් ජනතාවට පෙරලා සේවයක් සිදු නොවීමයි ගැටලුව..? ජනතාවගේ බදු මුදල් පාලකයින් හොරා කනවා නම් ඒක සාධාරණද..? රටේ ආදායමට සාපෙක්ෂවද පාලකයින් වියදම් කරන්නේ..? සංවර්ධිත රටවල නායකයින්, ලංකාවේ වගේ අධි සුඛෝපබෝගී වාහන පාවිච්චි කරන්නේ නැහැ... අනික ලංකාවේ වගේ මහා මාර්ගයේ ගමන් කරද්දී ඔවුන් පසුපස රථ පෙරහැරවල් නැහැ...ඔබ තුමා හොරුන්ගේ චන්දෙන් ලංකාවේ ජනාධිපති වී හොරුන්ව ආරක්ෂා කල නායකයෙක්... ඔබ ජනතා හිතවාදී නායකයෙක් නොවෙයි හොර කල්ලියකට නායකත්වයක් දීමට සුදුසු නායකයෙක්.
ඔබට විකරද අයිඑම්එෆ් එක්ක කතා කරන්න පුළුවන්
නොහැකිවදයි, හිතවතුන්ට සැලකීමයි නිසා තමයි ආර්ථිකයට අබ සරනයි උනේ කියල හොයාගන්න පුළුවන් අනුර කුමාර මේ වැඩේ ඔය දෙකම බේරගෙන කෙරුවොත්. එහෙම උනොත් වර්තමානෙ අනික් පක්ෂ වලින් දේශපාලනේ කරන අය කරුණාකරල ගෙදරම ඉන්න. ඒක තමයි ඔය අයට කරන්න පුළුවන් ලොකුම සේවය.
ඔය වයසට වැඩිය කල්පනා කරන්න හොඳ නෑ. හොඳ රෙදි වර්ගයක් බලලා ජම්පරේ මහගෙන විවේක ගන්න...!
පින් ජනපතියා කළබල වෙන්න ඕනෑ නැහැ. තමුන්ගේ වැඩක් බලාගෙන හිටියාම ඇති. දැන් වයසයි. නිදහසේ පිනක්, දහමක් කරගෙන ඉන්නයි තියෙන්නේ...?
දැන් රවුලත් නැ කැදත් නැ කලිසමත් නැ
මහජනතාව විතරද කැපකිරීම් කරන්න ඕනෑ.? පාලකයන් සුර සැප විඳ විඳ, විශාල ලෙස මුදල් වියදම් කරමින් සැප ජීවිතගත කරමින් මහ ජනතාවට බර පැටෙව්වා. එම සුර සැප විඳීම නවතලා සාමාන්‍ය ජීවිතයකට යොමු වුණා නම් පාලකයන්, රටේ ආර්ථිකයට වඩා යහපතක් වෙන්න තිබුණා. ඒවා ගැනත් කල්පනා කරන්න. රටේ බෙහෙත් හිඟයි, පාස්පෝට් ගන්න බෑ ලේසියකට, ප්‍රවාහන පහසුකම් ඉතාමත් දුර්වලයි ජනයාට. (ඒත් මහජනතාවගේ බදු මුදල් වලින් පාලකයන් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සුඛෝපභෝගීව සපයා ගත්තා). විශාල බදු ගෙවිය යුත්තන් බදු ගෙවීම පැහැර හැරියා, දූෂණ වංචා ඇස් පනාපිට සිද්ධ වෙන්න පටන් ගත්තා ඒවාට පිළියම් යෙදුවේ නෑ. නමුත් මහජනතාව තරහ කරගත්තා කියනවා. දැන් නව ජනාධිපතිත් ඒවා සමථයකට පත් කරගෙන දූෂණ වංචා නැති කරගන වියදම් අඩු කරගෙන ආර්ථිකය යම් තරමකට හරි ගොඩ දා ගනීවිනේ. එදාට ඔය කියමන් පසක් වේවි.
පිටරට වැසියා කියලා ලංකාව ගැනත් රටේ අවුල් හැදීමත් සඳහා මෙහෙම අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වන්නේ කල්ලතෝනියකුට පමණයි කොහොම වුණත් ලංකාවේ මිනිස්සු වැඩි දෙනෙක් බුදු හිමියන් පළමු මංගල කරුණ ලෙසට පෙන්වූ ආශ්‍රිය නොකල යුතු අය කියලා පැහැදිලි වෙනවා (අසේවනාච බාලානං )
ඔබගේ අදහස නිවැරදියි. ඔබතුමා කියු ලෙස පමණයි මේ රට දියුණ කළ හැකිය. නමුත් ඔබතුමා දුෂිතයින් ආරක්ෂා කලා පමණක් නොව, පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා ඔවුන්ගේ ගෝලබාලයින් විශාල මුදල නාස්ති කලා. ඔබතුමා සමඟ සිටි සාගල රත්නායකට මොකටද ඔය තරම් ආරක්ෂකයින් හා කාර්ය මණ්ඩලයක්. ඔබතුමා රට හදන්න කලින් ඔබ තුමා වටා සිටින අයවලුන්ව හදා ගන්න.
ඇත්ත කතා කරල ඒ මනුස්සය ගෙදර ගියා. මාලිමා කොමෙන්ටු බාස්ලා තම සුපුරුදු අපහාස කරනවා. අනුර ජනපතිට ලොකුම හෙණේ වෙන්නෙ මේ අඳබාල කොමෙන්ටු බාස්ලා.
දැන්වත් විශ්‍රාම ගත්තොත් නරකද තවත් රටට කරුමයක් නොවී
ඒ සේරටම වඩා ජනතාවට දැනුනෙ රාජිතලා වගේ පිරිහුනු මිනිසුන් ඇවිත් රනිල් මහතා ළඟින් වාඩිවුණු එක.
වැරදි පාරේ ගියොත් හරි පාරට එන්න කැපකිරීම් කරන්න ඕනේ රනිල් මහතාණෙනි
මෙයා මේ කැඳ ගැන කතා කරනවා. පහුගිය කාලේ අපිට කැඳ ටිකක් වත් හදා ගත්තේ බොහෝම අමාරුවෙන්...!
මැක්ස් වගේ ගොට්ට අල්ලපු අඳ බාලයන් හින්දා තමයි, මේ රටට දශක හතක් තිස්සේ කෙළවුණේ ...
මේ මිනිහා කට ඇරියොත් බොරුව සහ බොරුව හැර වෙන කිසිවක් එළියට එන්නේ නැත. ඔහු බොරු පොරොන්දු දීමෙන් ආඩම්බර වේ. ඔහුගේ තෘෂ්ණාව හා තණ්හාව කිසි විටෙකත් අවසන් නොවේ. දැන් ආයෙත් අගමැති වෙන්න හදනකොට මිනිස්සු ඔක්කෝම එකතුවෙලා එයාව කුණුබාල්දියට දාන්න උත්සාහ කළත් අවාසනාවට චීනයේ බලපෑම් නිසා ජනාධිපතිතුමා කවදාවත් මේ මනුස්සයාව හිරේ දාන්නෙත් නැහැ...
රැවුල ගිනි අරන් රෙද්දේ රෙවිලා ඉන්නකොට මොන කැඳද සීයේ?
මේ රටේ ඉන්නේ 50%ක විතර තණකොළ, පුන්නක්කු අනුභව කරන අය, රටේ යථාර්ථය ඔවුන්ට තේරෙන්නෑ. රටේ කරුමෙට ඔබතුමාට කරන්න දෙයක් නෑ... ඒ වුනත් නැවතත් එන්න වෙනවා, එතෙක් විවේකී සුව.
අසේල වගේ බත්කන හරක් තමයි, තක්කඩි, කාලකන්ණි අපතයින්ට මේ රට කාලා, බංකලොත් කරන්න අවස්ථාව මඟ පාදා දී අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ජනතා බදුමුදල් මංකොල්ලකාපු දේශපාලන හෙන්චයියෙක් ....